මේ ඉන්නේ තරිඳු රත්නායක 🧡
මෙවර SA20 ලීගයේ සන්රයිසස් ඊස්ටන් කේප් කන්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනවා. එයා එයාගේ පලමු තරගයේ පන්දුවාර 2.5කදී ලකුණු 9කට කඩුලු 2ක් දවා ගන්නවා. මේ කඩුලු දෙකෙන් එකක් ලෝක පූජිත පිතිකරුවෙක් වන ඩේවිඩ් මිලර්ගේ…
එයාගේ දෙවෙනි තරගයේදිත් එයා පන්දුවාර 4 ලකුණු 15කට දාලා කඩුලු 2ක් දවා ගන්නවා. ඔහු පන්දුවාරයකට ලබා දුන්නු දල ලකුණු වේගය 3.75ක්… නිලකුණු පන්දු 14ක් දානවා.
SENA රටකදී දඟ පන්දු යවන්නෙක් මෙහෙම පන්දු යවනවා කියන්නේ ඒක ඉතා හොඳ පන්දු යැවීමක්…
මේ අවස්ථාව අපේ එකාට ලැබෙන්නේ තාවකාලිකව… අල්ලහ් ගසාන්ෆර් කියන්නේ මේ දවස්වල ඇෆ්ගන් ක්‍රිකට් එකේ වගේම ලොව පුරා ලීග් පිටියෙත් ලොකු ඉල්ලුමක් තියෙන දඟ පන්දු යවන්නෙක්… එයා මේ දවස්වල ILT20 තරගාවලියට සම්බන්ධ වෙලා ඉන්නේ.. ඉතිං තරිඳුට මේ අවස්ථාව ලැබෙන්නේ ගසාන්ෆර් ILT20 ඉවර කරලා SA20 වලට සම්බන්ධ වෙනකල්…
ඒ වගේ Star Player කෙනෙක්ගේ අඩුව අපේ නැශනල් ටීම් එකේ තියා T20 මූලික සංචිතයකවත් නැති එකෙක් ඇවිත් වහනවා කියලා කියන්නේ එතැන රටක් විදිහට අපිටත් ලොකු දෙයක් මේ ක්‍රීඩකයා ගැන හිතන්න තියෙයි.
තරිඳු රත්නායක කියන්නේ සාමාන්‍ය පන්දු යවන්නෙකුත් නෙමෙයි. අත් දෙකෙන්ම පන්දු යවන්න පුළුවන් හැමෝටම පිහිටන්නේ නැති හැකියාවක් තියෙන කෙනෙක්…
තව තරග කිහිපයකින් කොල්ලගේ රාජකාරිය ඉවර වෙනවා. හැබැයි තරිඳු යන්නේ ඊලග පාර SA20 එකේ ලංසු තියෙන ප්ලෙයර් කෙනෙක් වෙලා…
එක අතකට තරිඳු ලංකාවේ මූලික සංචිතයකවත් නැති වුනේ හොඳ වෙලාවට… හිටියා නම් මේ වෙද්දී ලෝකේ ලොකු ලොකු ප්ලෙයර්ස්ලාත් එක්ක ක්‍රීඩා කරලා අත්දැකීම් ගන්නවා වෙනුවට පොරටත් වෙන්නේ ඇවිත් මේ දවස්වල තියෙන 3 Day ගහන්න.
හොංකොං සික්සර්ස් කිරුළ ලංකාවට ගේන්න ලොකු දෙයක් කරපු ප්ලෙයර් කෙනෙක්… දේශීය පිටියේ ඉන්න ක්‍රීඩකයින්ගෙන් Underratedම දක්ෂයෙක්…!
විශ්වාස කරනවා. ලංකාව ඇතුලේ ලැබුනත් නැතත් මේ දක්ෂයාට දවසක ක්‍රිකට් වලින්ම වටිනාකමක් දේවී…!
Keep it up! 👏
✍ | Rishie Bro







