BREAKING NEWS
Search

ඇය ලබාගත් රන් පදක්කම් 8 යාපනය විශ්වවිද්‍යාල ඉතිහාසය අලුත් කරයි.. සරසවි බිමට අභිමානයක් වූ වෛද්‍ය අභිරාමි ගැන ඇසෙන ඒ විශේෂ කතාව මෙන්න..

868

 

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉතිහාසයේ අලුත් සන්ධිස්ථානයක් ලියැවීමේ අභිමානජනක අවස්ථාවක් පසුගියදා සිදු විය. වෛද්‍ය අභිරාමි නර්කුනම්, විශ්වවිද්‍යාලයේ 40 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී, රන් පදක්කම් 8කින් සම්මාන ලබාගත් ශිෂ්‍යාවක් ලෙස සලකුණු විය.

මෙම සම්මාන අතර දක්ෂතම ශිෂ්‍යාවට හිමි සම්මානයද ඇතුළත් වූ අතර, වෛද්‍ය ක්ෂේත්‍රයේ අතිශය තීරණාත්මක විෂය පථ රැසක ඉහළම දස්කම් සඳහා සම්මානයද ඇයට හිමි විය.

මෙය යාපනය වෛද්‍ය පීඨ ඉතිහාසයේ එක් උපාධි ප්‍රදානෝත්සවයකදී ශිෂ්‍යාවක විසින් දිනාගත් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතර සටහන් වීමත්, විශ්වවිද්‍යාල ප්‍රජාවට අලුත් අභිමාන අවස්ථාවක් උදා කර ඇත.

 




error: Content is protected !!