BREAKING NEWS
Search

ඇමරිකාවෙන් ලංකාවට සැබෑ බද්ද 58%ක්..

3960

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන ඇතුළු අපනයන සඳහා පැනවෙන සැබෑ බද්ධ 58%ක් බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදය පෙන්වා දෙයි

ඇමරිකාව විසින් පනවන ලද නවතම අන්‍යෝන්‍ය තිරු බද්ද සහ සෙසු බදු සියල්ලේ එකතුව 45%-58% දක්වා ඉහළ අගයක් ගන්නා බවද ඔවුන් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව විසින් අපනයනය කරන භාණ්ඩ සඳහා මෙතරම් ඉහළ බදු අනූපාතයක් නියම වී ඇතත් අදටත් ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා ඇත්තේ උපරිම 17%ක බද්දක් යයිද ඔවුන් පවසයි.

එ් හේතුවෙන් දේශිය ව්‍යාපාරිකයා රැකගැනීම සඳහා ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා වන බද්ධ 37%ක් දක්වා ඉහල දැමිය යුතු බවද එම සංගමයේ අදහසයි.

එමෙන්ම මෙරට ආයතන සඳහා භාණ්ඩ හා සේවා ලබාදීමේදී දේශීය ව්‍යාපාරිකයන්ට සියයට විස්සක කෝටාවක් ලබාදීම සඳහාද එම සංසදය යෝජනා කරයි.

Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *