BREAKING NEWS
Search

අපේ රට ලියූ විශ්ලේෂණය නායකයා එලෙසම පැවසූ හැටි… අද කන්ඩායමේ වෙනස්කම් දෙකක්… චාමික කරුණාරත්න කන්ඩායමට…!

1244

තරගයේ ප්‍රතිඵලය කුමක් වුනත් දිනන්න ගහනවා නම් සිදුකල යුතු වෙනසක්… අපි කතා කරා වගේම කම්බිනේශන් එක වෙනස් කරන්න වගේ යන්නේ.. 7යි 4 කම්බිනේශන් එක වෙනුවට 6යි 5 කම්බිනේශන් එක ක්‍රීඩා කරයි වගේ… ඒ අනුව,

පකිස්තාන කන්ඩායමේ වමත් පිතිකරුවන් කිහිපදෙනෙක් ඉන්න නිසා මහීෂ් තීක්ෂණත් Bowling Allrounder විදිහට චාමික කරුණාරත්නත් කන්ඩායමට එකතු වෙන්න ඉඩ වැඩියි.

නායකයා විදිහට චරිත් ඉස්සරහට ඇවිත් Batting Lineup එකේ නොම්බර තුන හෝ හතර ක්‍රීඩා කරන්න මේක තමයි වෙලාව…

ඒ අනුව නායකයා පැවසූ අදහස

“අපි තාම කතා කරමින් ඉන්නේ. තාම ෆයිනල් කරලා නෑ 11 දෙනාව. නමුත් වමත් ක්‍රීඩකයින් අනෙක් කණ්ඩායම්වලට සාපේක්ෂව ගොඩක් ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දඟ පන්දු යවන්නෙක්ගේ වෙනසක් වෙන්න පුළුවන්. ඊට අමතරව අපි තාම කතා කරමින් යනවා extra bowling allrounderකෙනෙක්ව. සමහර වෙලාවට පන්දු යවන්නන් හතරකින් යද්දි අපි ගාණක් ඩිෆෙන්ඩ් කරද්දි අපිට පොඩි අමාරුවක් තියෙනවා කියලා පේනවා. extra bowling allrounder කෙනෙක් සෙල්ලම් කරොත් මම පිතිකරණය කරන තැන සමහර විට උඩට එන්න පුළුවන්. එහෙම නැත්නම් මමත් දසුන් අයියත් ෆ්ලොටින් රෝල් එකක් තමා ක්‍රීඩා කරන්නේ. මොකද අපිට වමත් ක්‍රීඩකයින් හතර දෙනෙක් එක දිගට ඉන්නවා. ඒක අනිත් පිලට වාසියක් වෙන්න පුළුවන්. ඒ නිසා තමා දසුන්ව උඩින් තිබ්බේ. මම හිතනවා එයා ඒක හරියටම කර කියලා.”

මේ අපේ රට අපි තැබූ සටහන…

ජයගත යුතුම බංග්ලාදේශ තරගය දැන් පැරදිලා ඉවරයි. ඉස්සරහට තියෙන අභියෝගය සුලුපටු නොවෙයි. අවසන් තරග බලාපොරොත්තු පැත්තකින් තිබ්බත් ඒ මොක කරන්නත් මේ තරග දෙකේ ජයග්‍රහණයන් වැදගත්…

මේ ලිපිය ටිකක් දිගයි. හැබැයි ක්‍රිකට් වලට ඇම්ම තියෙන එකෙක්ට නම් ගන්න දෙයක් තියෙයි.

පහුගිය තරගයේ අපි මුහුණ දීපු අපහසුතාවයක් තමයි අපිට තරගයේ සිටුවේශන් වලට අවශ්‍ය පන්දු යවන්නන් නොමැති වීම. මේකට හේතුව තමයි අපි මේ ක්‍රීඩා කරන කම්බිනේශන් එක… මීට පෙර රිෂී සිම්බාබ්වේ තරගාවලියේත් මේ ගැන ලිව්වා. අපි දැන් ක්‍රීඩා කරන්නේ 7යි 4 කම්බිනේශන් එකෙන්… ඒ කියන්නේ ප්‍රධාන පන්දු යවන්නන් හතරක් සහ පන්දුවාර 4ම විශ්වාසයෙන් ගන්න පුලුවන් එක් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් එක්ක…

දසුන් ශානක කියන්නෙත් මීට පෙර පන්දු යවන්නෙක් ලෙස හරියට use වුන පන්දු යවන්නෙක් නෙමෙයි. හැබැයි මේ කම්බිනේශන් එකත් එක්ක ඔහුට 5th bowling option එක විදිහට වැඩි පන්දුවාර සංඛ්‍යාවක් යවන්න ලැබිලා තියෙනවා සහ ඔහු ඒ අවස්ථා වල දෙයක් පෙන්නලා තියෙනවා. මේක හොද පොසිටිව් දෙයක්… හැබැයි අපි 7යි 4 කම්බිනේශන් එකෙන් යද්දී එන ප්‍රශ්නයක් තමයි එදා දවසේ එක පන්දු යවන්නෙක්ට off day එකක් වුනොත් හෝ ඔපසිශන් ටීම් එක අපේ 5th bowling option එක ටාර්ගට් කරොත් අපිට ඒ අඩුව වහන්න අපි ලග ඔප්ශන් නැති එක..

ඒක කරන්න අපිට ඉන්නේ කමිඳු සහ චරිත් අසලංක විතරයි. මේ දෙන්නම පාට් ටයිම් ඔප්ශන්… සමහර සිටුවේශන් එනවා අපිට මේ දෙන්නා දාලා ඒ අඩුව පුරවන්න බැරි වෙන… ඒ නිසා තමයි අපි 6යි 5 කම්බිනේශන් එකකට යන්න ඕනි…

පහුගිය කාලේ අපේ Middle Order එකේ ෆේලියර් එකත් එක්ක අපි අපේ කම්බිනේශන් එක පොඩ්ඩක් වෙනස් කරලා Extra Batting Option එකක් ගත්තා. ඒකෙන් වුනේ අපේ Bowling Unbalance වුන එක…

දැන් ඉස්සරහට ලේසි නැ… අපි ලකුණු කොච්චර ගැහුවත් වැඩක් නෑ ඒ ලකුණු රැක ගන්න අපි ලග පන්දු යවන්නෝ නැත්නම්.. අනික අබුඩාබි ක්‍රීඩාංගණය කියන්නේ පිතිකරුවන්ට හොද තණතීරුවක්… අන්න ඒ නිසාමයි අපි 6යි 5 කම්බිනේශන් එකකට ගිහිල්ලා අපේ Bowling Strength එක වැඩි කරලා මේ ටීම් එක බැලන්ස් කරගන්න ඕනි…

එතකොට අපිට මේ වෙලාවේ කන්ඩායමේ එක පිතිකරුවෙක් එලියෙන් තියලා ඒ වෙනුවට පන්දු යවන්නෙක් හෝ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ගේන්න වෙනවා. පකිස්තාන තරගයේදී රිෂී හිතනවා කමිල් මිෂාරව පොඩ්ඩක් එළියෙන් තියලා අපේ කම්බිනේශන් එක බැලන්ස් කරගන්න තුන් ඉරියව් ක්‍රිඩක චාමික කරුණාරත්න කන්ඩායමට ගේන එක හොද වෙයි කියලා…

ඇයි කමිල් එළියෙන් තියන්නේ කලින් තරග දෙක ෆේල් වුන නිසාද ? නැ… ඒ කාලේ පැතුම්ට වගේම දැන් කමිල් ගැනත් ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. ඒ එයාට විකට් එකට සෙට්ල් වෙන්න වැඩිපුර පන්දු ගණනක් වැය වීම. කමිල් එහෙම පන්දු අරන් විකට් එකට සෙට් වෙලා රන්ස් ගහපු දවසට මේක ප්‍රශ්නයක් නොවුනට කමිල් වේලාසනින්ම අවුට් වුන දවසට කමිල් වැය කරන නිලකුණු පන්දු ගාන ටීම් එකට බලපෑමක් වෙනවා.

මේක හැදෙන්න නම් අපි පැතුම්ට වගේම කමිල්ටත් තරග ක්‍රීඩා කරලා අත්දැකීම් දෙන්න ඕනි. මේ වෙද්දී ගහපු ඒ ඉනිම් කිහිපයෙන් ඔහුට කරන්න පුලුවන් දේවල් පෙන්නලා තියෙනවා. වයසත් එක්ක අත්දැකීම් ලැබෙද්දී මෙයාටත් පැතුම් වගේම ඒවා හදාගන්න පුලුවන්… ඔන්න ඔය හේතු නිසා තමයි අපි කියන්නේ අපේ ඩොමැස්ටික් ලෙවල් එක තව හුඟාක් උඩට යන්න ඕනි කියලා.

ඉතිං ඇයි එහෙනම් අවස්ථා දෙන්න ඕනි එකෙක් උඹ එලියෙන් තියන්න කියන්නේ…?

මේ වෙලාවේ අර උඩ කියපු කම්බිනේශන් එක හදලා ටීම් එක බැලන්ස් කරන්න නම් ටීම් එකෙන් එලියෙන් තියන්න ඉන්නේ දෙන්නයි. එක්කෙනෙක් කමිල් සහ අනිත් කෙනා කුසල් ජනිත්… කුසල් ජනිත් කියන්නේ පසුගිය PSL ලීගයේ සෙමි ෆයිනල්, ෆයිනල් වල වගේම ඒ තරගාවලියේ හොද ඉනිම් ගහලා සාර්ථක වුන වර්තමානයේ ඉන්න පකිස්තාන ක්‍රීඩකයින් ගැන හොද අවබෝධයක් තියෙන කෙනෙක්… ඉතිං එහෙම කෙනෙක් මේ වෙලාවේ මේ වගේ තීරණාත්මක තරගයක එළියෙන් තියෙන එක පාඩුයි. KJP ට තියෙන experience එකත් එක්ක මීට වඩා ලොකු ඉනිම් එයාගෙන් බලාපොරොත්තු වෙනවා සහ KJP කියන ප්ලෙයර්ට ඕනි වෙලාවක නැගිටිලා ගහන්න පුලුවන් ප්ලෙයර් කෙනෙක්.. ඉතිං එයාගේ දවසට එයා තනියම උනත් තරග දිනවන්න පුලුවන් මැච් විනර් කෙනෙක්…

ඉතිං මේ වෙලාවේ කමිල්ට වඩා KJP Best Choice එකක් වුනාට අපි අනිවාර්යයෙන්ම සංචිතය ඇතුලේ කමිල්ව තියාගෙන එයාට ඉස්සරහට මේ ෆෝමැට් එකේ දියුණු වෙන්න පැතුම්ට වගේම කන්ඩායම ඇතුලේ පුලුවන් හැම වෙලාවකම අවස්ථාව හදලා දෙන්න ඕනි. බොහෝ විට මේක KJP ගේ අන්තිම ලෝක කුසලානයත් වෙන්න පුලුවන් නිසා කමිල් මිෂාරලා ඒ තැන් වලට හදලා තියාගන්න ඕනි.

එතකොට කමිල් වෙනුවට චාමික ආවාම කවුද නොම්බර තුන ගහන්නේ… මං හිතනවා කමිඳු දැන් නොම්බර හය හත හොදට කරනවා සහ right hand left hand combination එක හදන්න අපි දසුන්ව නොම්බර පහට එවලා තියෙනවා නම් චරිත්ව පහලින් ගස්සන එකේ වැඩක් නැ… ඔව් චරිත් පහුගිය ටිකේ රන්ස් අතර නැ… එහෙමයි කියලා එයාව හංගලා ගහලා බැ… කැප්ටන් විදිහට ඉස්සරහට ඇවිත් මේ වෙලාවේ එයාගේ ජොබ් එක කරන්න ඕනි.

ඉතිං රිෂී හිතනවා චරිත් සහ KJP නොම්බර තුන හතර ක්‍රීඩා කරොත් හොදයි කියලා. චරිත්ව උඩට ගේන්න තව හේතුවක් තියෙයි. ඒ තමයි චරිත් වැඩිපුරම පාට්නර්ශිප් බිල්ඩ් කරලා තියෙන්නේ පැතුම්, මෙන්ඩිස්, KJP සහ දසුන් එක්ක..

චරිත් පැතුම් එක්ක ෆිෆ්ටි පාට්නර්ශිප් තුනක් එක්ක ලකුණු 512ක් ලබාගෙන තියෙයි. එතකොට KJP එක්ක ලකුණු 359කුත් මෙන්ඩිස් එක්ක ලකුණු 311කුත් දසුන් එක්ක ලකුණු 243කුත් ලබාගෙන තියෙයි. ඉතිං චරිත් ආයෙමත් මේ කට්ටිය මැද්දට වැටෙනවා කියන්නේ ඒක එයාට නැවතත් ලකුණු අතරට එන්නත් පහසුවක් වෙයි..!

එහෙම චරිත් උඩින් ගෙනාවොත් අපිට පුලුවන් කමිදුව නොම්බර හයේ තියන්න. පෞද්ගලික කමිඳු මේ වෙද්දී ෆිනිෂර් රෝල් එක ස්මාර්ට් විදිහට කරන නිසා එයාගේ රෝල් එක වෙනස් කරනවට මං කැමති නැ…. කමිඳු හය ගහනවා කියන්නේ නොම්බර හත , අට අපිට චාමික සහ වනිඳු යොදා ගන්න පුලුවන්… මේ දෙන්නටම තමන්ගේ පිතිකරන දක්ෂතා කන්ඩායම වෙනුවෙන් දෙන්න වෙනවා. අන්න එතකොටයි මේ කන්ඩායම බැලන්ස් වෙන්නේ…

චාමික කන්ඩායම එනවා කියන්නේ දැන් දසුන් ශානකගෙනුත් පන්දුවාර 3ක් 4 ගන්න නිසා අපිට විශ්වාසයෙන් පන්දුවාර 4ම ගන්න පුලුවන් පන්දු යවන්නන් 6ක් ඉන්නවා. අන්න එතකොට අපේ පන්දු යවන්නෙක්ට එදා දවසේ Off Day එකක් වුනත් 5th bowling option එක ඔපසිෂන් එක ටාර්ගට් කරත් නායකයාට බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් තව Bowling Option ඉතුරු වෙනවා.

සමහරු කමිල් වෙනුවට ජනිත් ලියනගේ ආවත් හොදයි කියලා තිබ්බා. ඔව්.. ජනිත් හොද පිතිකරුවෙක්. හැබැයි අපේ ටීම් එක බැලන්ස් වෙන්න නම් මේ කම්බිනේශන් එකට යන්න වෙනවා. එහෙමනම් ජනිත්ගේ පන්දුවාර 4ත් විශ්වාසයෙන් ගන්න පුලුවන් වෙන්න ඕනි. ජනිත් කියන්නේ Batting Allrounder කෙනෙක්. ජනිත්ව දසුන් තරම්වත් බෝලර් කෙනෙක් විදිහට use වෙනවා අඩුයි. ඉතිං එහෙම කෙනෙක් ගෙනාවා කියලා අපේ bowling strength එක වැඩි වෙන්නේ නැ… ඒක නිසා අපි මේ 6යි 5 කම්බිනේශන් එකට යනවා නම් චාමික කරුණාරත්න කැදවන එක හැම අතින්ම හොද වෙනවා. මේ තරගය පේස් එකට හොද අබුඩාබි වල තියෙන නිසා අපිට තව පේස් ඔප්ශන් එකකුත් වැඩි වෙනවා.

ඒ වගේම දුනිත් වෙල්ලාලගේ දැන් ඉන්න සිටුවේශන් එක අපි හැමෝම දන්නවා. මේ වෙලාවේ එයාට ඔලුව හදාගෙන එන්න පොඩි බ්‍රේක් එකක් දීලා ඒ වෙනුවට කන්ඩායමේ ඉතුරු වෙලා ඉන්න එකම ස්පින් ඔප්ශන් එක මේ වෙලාවේ use කරන්න වෙනවා. දුනිත් මේ ඉන්න තත්ත්වය එක්ක එයාට පොඩි විවේකයක් ලැබුනොත් හොඳයි කියලා හිතෙනවා. ඒක කොයි තරම් කාලයක්ද කියන එක තියෙන්නේ දුනිත් අතේ… හිතනවා කොල්ලාගේ තියෙන මොරාල් එකත් එක්ක ඉක්මනින්ම ආයෙමත් පරණ තත්ත්වෙට රිකවර් වෙයි කියලා…

තීක්ෂණ මේ වෙලාවේ හොද ෆෝම් එකේ නෑ.. ඇත්ත. හැබැයි වෙල්ලා ඉන්න සිටුවේශන් එකත් එක්ක අපිට වෙන ඔප්ශන් නැ… තීක්ෂණ බැක් කරලා එයාට චාන්ස් එක දුන්නොත් මං හිතනවා ඒක වෙල්ලට ඉක්මනින් රිකවර් වෙන්නත් තීක්ෂණට ආයෙමත් ෆෝම් එකට එන්නත් හොද වේවී කියලා…

ඒ අනුව රිෂී හිතන කන්ඩායම,

පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක ( නායකයා )
කුසල් ජනිත් පෙරේරා
දසුන් ශානක
කමිඳු මෙන්ඩිස්
චාමික කරුණාරත්න
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
නුවන් තුෂාර

මේ කම්බිනේශන් එක ගියොත් කන්ඩායමේ නොම්බර 8ට යනකල් Batting තියෙයි වගේම නායකයාට පන්දුවාර 4ම විශ්වාසයෙන් ගන්න පුලුවන් Bowling Option 6ක්ම කන්ඩායමේ තියෙනවා. ඉතිං මේ වගේ කම්බිනේශන් එකක් එක්ක යද්දී තරගය මැද සමහර තීරණ ගන්න නායකයාට හුඟාක් ලේසි වෙනවා. බලමු අපි මේ දේ කරයිද කියලා…

 | Rishie Bro




Leave a Reply

Your email address will not be published. Required fields are marked *