BREAKING NEWS
Search

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ – දයාසිරි

1712

ආණ්ඩුවට එරෙහිව කතා කරන මන්ත්‍රීවරුන් කොටු කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඒ අනුව, රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට ඒ ආකාරයෙන් කටයුතු කළ බවත්, තමාවද නිහඬ කිරීම සඳහා රජයට අවශ්‍ය වී ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමාව දෙවතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගිය බවද, ඔවුන් විසින් තවත් ක්‍රියාමාර්ග ගනු ලබනු ඇති බවද, නමුත් එම ක්‍රියා මාර්ගවලට බියට පත් නොවන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

විවිධ චෝදනා මත විවිධ වූ පුද්ගලයින් අත්අඩංගුවට ‍ගන්නා බවත්, තමා අවංකව දේශපාලනය කළ පුද්ගලයෙක් වන බවත්, හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් තමන්ට චෝදනා නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *