BREAKING NEWS
Search

අනුරපුර වන්දනාව මුන්දලමින් නතර වෙයි.. එකම පවුලේ තිදෙනෙකුට දිවි අහිමි වූ, මාරක අනතුර ගැන ඇසෙන හද සසල කරවන පුවත..

6557

මුන්දලම නවඩන්කුලම ප්‍රදේශයේදී මාරක රිය අනතුරට ලක්ව මරණයට පත් මෝටර් රථයේ ගමන් ගත් තිදෙනා කුරණ ප්‍රදේශයේ සිට අනුරාධපුර අටමස්ථාන වන්දනාවේ යමින් සිටි එකම පවුලේ මව, පුතු සහ නැන්දනිය බව මුන්දලම පොලිසිය පවසනවා.

මරණකරුවන් තිදෙනා සමග එම මෝටර් රථයේ ගමන් ගත් ඔවුන්ගේ නිවෙසේ මෙහෙකාරිය මේ වන විට පුත්තලම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පිරිස ගමන් කරමින් සිටි මෝටර් රථය මුන්දලම නවඩන්කුලම ප්‍රදේශයේදී වෑන් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අද (12) සිදුවූ මාරක අනතුරකින් කාර් රථයේ සිටි තිදෙනකු මරුමුවට පත්වුණා.

වෑන් රථයේ ගමන් කරමින් සිටි හත් දෙනකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව මුන්දලම පොලිසිය සඳහන් කරනවා.
මෙම අවාසනාවන්ත අනතුරීන් මරණයට පත්ව ඇත්තේ 61 හැවිරිදි හේමා පරණගම, ඇගේ පුත්‍රයා වන 26 හැවිරිදි ලහිරු ෂේහාන් ද කොස්තා සහ ඔවුන්ගේ ඥාතියකු වන 84 හැවිරිදි මේරි තෙරේසා කොස්තා යන තිදෙනායි.

මරණකරු කුරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක සූපවේදියකු ලෙස කටයුතු කරන අයෙක් වන බවත් මරණකරුගේ නැන්දනිය වන 84 හැවිරිදි කාන්තාව මීගමුව මහ රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනිය ලෙස සේවය කර විශ්‍රාම ගොස් සිටි තැනැත්තියක් බව පොලිසිය පැවසුවා.

මොවුන් මිගමුව කුරණ සිට සිය මෝටර් රථයෙන් අනුරාධපුර බලා ගමන් කරමින් සිටියදී මුන්දලම නවඩන්කුලම ප්‍රදේශයෙදී පුත්තලම සිට කොළඹ බලා ගමන් කරමින් සිටි වෑන් රථයක මුහුණට මුහුණ ගැටිමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී මරණකරු, ඔහුගේ මව සහ නැන්දනියත් නිවෙසේ මෙහෙකාරියත් මෝටර් රථයෙන් ගමන් කරමින් සිට ඇති අතර, ඔවුන් අනුරාධපුර අටමස්ථාන වන්දනාවේ යමින් සිටි බව සඳහන්.

මෝටර් රථයේ ගැටුන වෑන් රථයේ සිටි වයස අවුරුදු 6 ක පිරිමි දරුවෙක්, කාන්තාවන් සිව් දෙනෙක් සහ රියැදුරු ඇතුළු හත්දෙනකු පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලිසිය පවසයි.

මරණයට පත්වු තිදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණය පුත්තලම මුලික රෝහලේ දී පැවැත්විමට නියමිතයි.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!