BREAKING NEWS
Search

පෙම්වතුන්ගේ දිනයේදී අසු වූ අසල්වැසි පෙම්වතාට, පෙම්වතියගේ මවගෙන් ලැබුණු මාරක ‘සප්‍රයිස්’ එක..

363

එකම මායිම් වැටකින් වෙන්වූ නිවාස දෙකක පවුල් දෙකක් අතර වසර ගණනාවක සිට පැවති දරුණු විරසකයක් මැද, අලුත් පරපුරේ ආදර කතාවක් මල් පිපී තිබුණි.

එක් නිවසක සිටි උසස් පෙළ හදාරන හැඩකාර මෙන්ම තරමක් ආඩම්බරකාරියක වූ තරුණිය සහ අසල්වැසි නිවසේ පරිගණක පාඨමාලාවක් හදාරන රූප සම්පන්න තරුණයා අතර මෙම රහසිගත පෙම් සබඳතාව ගොඩනැගී තිබුණි.

පවුල් දෙකේ අමනාපකම් නිසා හොර රහසේ පවත්වාගෙන ගිය මෙම ආදරය, පසුගිය පෙම්වතුන්ගේ දිනයේදී (Valentine’s Day) දරුණු මෙන්ම හාස්‍යජනක ඉරණමකට මුහුණ දුන්නේය.

තම පෙම්වතියට වටිනා තෑග්ගක් දීමට සිතූ තරුණයා, ඇය නිවසේ තනිව සිටිනවා යැයි සිතා හොර රහසේම වැටෙන් රිංගා ඇයගේ නිවස අසලට පැමිණියේය.

නිවස තුළට එබී බලද්දී ඔහු දුටුවේ තරුණිය නොව, ඇයගේ මවය.

වැඩේ වැරදුණු බව වැටහී තරුණයා පැන යාමට උත්සාහ කළත්, කෝපයෙන් සිටි මව වහා ක්‍රියාත්මක වී තරුණයාව කමිසයෙන් අල්ලා ගෙට ඇදගෙන ගියාය.

“කොහේද හොරෙක් වගේ යන්නේ? මොනවද ඔය අතේ?” කියමින් අතේ තිබූ තෑග්ගද උදුරා ගත් ඇය, කිසිත් කරකියාගත නොහැකිව සිටි තරුණයාව නිවස තුළ තිබූ කාමරයකට තල්ලු කළාය.

කාමරය තුළදී තත්ත්වය තවත් දරුණු විය. එහි තිබූ පිහියක් අතට ගත් මව, “මගේ දුව එක්ක තියෙන සම්බන්ධය වහාම නවත්තපන්, නැත්නම් මම තෝව මරනවා!” යැයි පවසමින් මරණීය තර්ජනය කර තිබේ.

ජීවිතේට මෙවැනි “සප්‍රයිස්” එකක් බලාපොරොත්තු නොවූ තරුණයා, අතේ තිබූ තෑග්ග පවා අමතක කර, පණ එපා කියා එතැනින් දිව ගියේය.

වහවැටෙන රූපයක් තිබූ මෙම තරුණයා අවසානයේදී පලා ගියේ තමන්ගේ “නැන්දම්මා” වීමට සිටි කාන්තාවගෙන් ජීවිතය බේරාගැනීමේ අරමුණෙනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!