ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනය එක්ක, එයාලට මේක කරන්න බැහැ – ජෝසප් ස්ටාලින් යලි කරළියට…!

324

වත්මන් ආණ්ඩුව අධ්‍යාපනයේ පරිවර්තනයක් සම්බන්ධයෙන් කථා කළද, එය සිදුකරන ආකාරය කවුරුන් හෝ ප්‍රකාශ නොකරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

ඒ අනුව, අධ්‍යාපන ක්‍රමය තුළ වෙනසක් සිදු කරන්නේ නම්, විභාග ක්‍රමය සම්බන්ධයෙන් ද, විෂය මාලාව වෙනස් කිරීම සම්බන්ධයෙන් ද, අධ්‍යාපනයේ බර අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බවයි  (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

වත්මන් ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනය සමඟ බවද, එහි සුදුසුකම් ඇති පිරිස් නොමැති බවද, ඔවුන් සමඟ මෙය සිදු කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කළා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරනවා නම්, වැඩපිළිවෙළක් සමඟ එය සිදු කළ යුතු බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *