BREAKING NEWS
Search

ආණ්ඩුවත් දැන් බලය වෙනුවෙන් ඕන කුණු ගොඩක් කරගහනවා – මාලිමාව සපෝට් එක ගත්තු රිෂාඩ්ගේ මන්ත්‍රී ගැන නලින් සභාවේ දිග අරියි

679

පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයේ කණ්ඩායම ඇතුළු සියලු විපක්ෂ කණ්ඩායම් හොරු බවට ආණ්ඩුව චෝදනා කළ බවත්, දැන් එම පිරිස් සමඟම ආණ්ඩුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ජාතික ජන බලවේගයෙන් පත්වන විට, නියෝජ්‍ය නගරාධිපතිවරයා පත්වන්නේ රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයෙන් බවත්, ඔහු සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ඇති බවයි  (20) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

විපක්ෂය එක්වී පළාත් පාලන ආයතනයක් පිහිටවූ පසු ‘නයි මුගටි හවුල්’ බවට චෝදනා කරන බවත්, ආණ්ඩුව නගර සභා පිහිටුවා ඇත්තේද හොරු සමඟ බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ.

තමන්ට ‘නයි මුගටි’ බවට පැවසූ ආණ්ඩුව, දැන් මේ ඉන්නේ කවුදැයි ප්‍රකාශ කළ යුතු බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර වැඩිදුරටත් විමසා සිටියේ.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *