BREAKING NEWS
Search

අපි පක්ෂ සමඟ ඩීල්වලට ගිහින් නෑ – නජිත් ඉන්දික

158

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී පක්ෂ සමඟ ‘ඩීල්වලට’ ගොස් නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික පවසනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජනතාව විසින් විපක්ෂ කණ්ඩායම් පරාජයට පත්කර, ආණ්ඩුවට ජයග්‍රහණයක් ලබාදුන්නේ යම් හේතුවක් ඇතිව බවත්, පළාත් පාලන මැතිවරණයේදී ද සිදුවූයේ එය බවයි අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විසින් යම් සභාවක ආණ්ඩුව දිනවා ඇත්නම්, එහි සභාව පිහිටුවිය යුතු බවත්, එය වැරැද්දක් වන්නේ කෙසේදැයි ගැටලු සහගත බවත්, මන්ත්‍රීවරුන් ගෙදරින් ගෙන ඒමට නොහැකි බවත්, සිටින මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබාගත යුතු බවත් ඔහු සඳහන් කර සිටියා.

ආණ්ඩුව කිසිවිටක පක්ෂ සමඟ ‘ඩීල්වලට’ ගොස් නොමැති බවත්, නමුත් තනි තනි මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර ඇති බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *