BREAKING NEWS
Search

QR අලුතින් ගන්න බැරි ගැටළුව හදන්න චුට්ටක් වෙලා යනවා..- රජය

553

 

QR කේත ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි. මීට අදාළව පැනනැගී ඇති ප්‍රායෝගික ගැටලු නිරාකරණය කරමින් ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබාගැනීම සඳහා පහසුකම් සැලසීම මෙහි ප්‍රධාන අරමුණයි.

මීට පෙර QR කේතය ලබාගත්, දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන් හට කිසිදු බාධාවකින් තොරව සිය නව QR කේතය යාවත්කාලීන කරගත හැකිය. ඒ සඳහා වන තාක්ෂණික පද්ධතිය මේ වන විටත් සක්‍රියව පවතී.

පද්ධතිය යාවත්කාලීන කිරීමේදී වාහන අයිතිය වෙනස් වී ඇති පුද්ගලයන්, දුරකථන අංක වෙනස් වී ඇති පරිශීලකයන්, අලුතින් වාහන මිලදී ගත් පුද්ගලයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත.

ඉහත කාණ්ඩයන් මුහුණ දෙන තාක්ෂණික ගැටලු හඳුනාගෙන ඇති අතර, ඒවා හැකි ඉක්මනින් නිරාකරණය කරමින් පද්ධතියට ඇතුළත් වීමට අවස්ථාව සලසා දීමට කටයුතු කරමින් පවතින බව රජය අවධාරණය කරයි.

ඉන්ධන සැපයීමේදී ප්‍රමුඛතාවය දිය යුතු ක්ෂේත්‍ර පිළිබඳව අද (15) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම, කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීම, වෙනත් විශේෂිත අවශ්‍යතා සහිත අංශ සඳහා ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණ අද දිනය තුළම ප්‍රකාශයට පත් කරමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!