BREAKING NEWS
Search

ආණ්ඩුව බොරු ඇත්ත කරන වෑයමක

436

 

කියපු බොරු ඇත්ත කිරීමට පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්නට උත්සාහ ගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ මාතර කඹුරුපිටිය ගමින් ගමට වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා:-

යහපාලන කාලෙ සල්ලි අරන් බොරු කියපු අය අද මහජන මුදල් වියදම් කරලා තමන් කියපු බොරු ඇත්තක් කියලා ඔප්පු කරන්න හදනවා.

ඒකෙන් සමස්ත රටම සමාජයම මේ රාජ්‍ය යාන්ත්‍රණයම කඩාගෙන වැටෙනවා.යම් දිනෙක මේවටත් ඒ අයට වගකියන්න වෙයි.සල්ලි වලට බොරු කියලා දැන් රටේ දේපළ පාවිච්චි කරලා ඒ බොරු ඇත්ත කරන්න උත්සාහ කරනවා නම් ඒක තමයි ලොකුම අපරාධය යනුවෙන් ද රාජපක්ෂ මහතා පැවැසීය.

Lankadeepa (අංජුල මහික වීරරත්න)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!