හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවතින නඩුවකට අදාළව සාක්ෂි සෙවීමට එංගලන්තයට ගිය කණ්ඩායමේ වියදම් පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසුව ද, රජය එම තොරතුරු ලබා නොදෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත පවසනවා.
ජනතාව ලෙස ඒ සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍යතාවක් පවතින බවත්, එම වියදම දැනගත යුතු බවයි අද (30) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
හිටපු ජනාධිපතිවරයාට නඩු දමා ඇත්තේ ලක්ෂ 166 ක මුදලක් සම්බන්ධයෙන් බව ද, මෙම නිලධාරීන් පිරිස ඊට වඩා වැඩි මුදලක් වියදම් කර ඇති බවට සාධාරණ සැකයක් මතු වන බව ද ඔහු පවසා සිටියා.
එසේම එම නිලධාරීන් කණ්ඩායම එංගලන්තයට ගියේ නම්, සිදු කළ යුතුව තිබුණේ අදාළ ආයතනයේ ප්‍රධානියකුගෙන් හෝ එරට රජයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම බවත්, නමුත් එය සිදු කර නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
උපුටාගැනීම – Esana







