BREAKING NEWS
Search

නෝනගේ ඇඳුමත් මේ පාටමයි..’ මෝදිගේ ලේන්සුව ගැන නෙදන්යාහු කී කතාව ලොවක් කතා වෙයි.

249

 

නරේන්ද්‍ර මෝදි රැගත් විශේෂ ගුවන් යානය ටෙල් අවීව් නුවර පිහිටි බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී, ඔහු පිළිගැනීමට බෙන්ජමින් නෙදන්යාහු සහ බිරිඳ සාරා නෙදන්යාහු ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා උණුසුම්ව පිළිගත් නෙදන්යාහු, මෝදි වැලඳ ගනිමින් සුහද ස්වභාවයකින් ඔහුට ආරාධනා කළා. එම අවස්ථාව මාධ්‍ය අවධානයට ලක්වූයේ දෙපාර්ශ්වීය සම්බන්ධතාට අමතරව සිදු වූ සුළු නමුත් රසවත් සිදුවීමක් නිසාය.

ඊශ්‍රායලයට පැමිණෙද්දී මෝදි සැරසී සිටියේ සාම්ප්‍රදායික කුර්තාවකින් සහ සුදු දුරිදාර් කලිසමකිනි. එයට අමතරව ඔහු අළු පැහැති, අත් රහිත කබායක් පැලඳ සිටි අතර, එහි සාක්කුවේ රන්වන්-තැඹිලි පැහැති ලේන්සුවක් ද දැකගත හැකි විය.

මේ අතර, මෝදි පිළිගැනීමට පැමිණ සිටි සාරා නෙදන්යාහු ද රන්වන්-තැඹිලි පැහැයට සමීප ඇඳුමකින් සැරසී සිටීම විශේෂයක් වුණා. ඒ පැහැ සමානතාව නෙදන්යාහුගේ අවධානයට ලක්වූ අතර, ඔහු සිනහවෙන් “ඔබේ ලේන්සුවේ පාට මගේ බිරිඳගේ ඇඳුමේ පාටට සමානයි” යැයි මෝදිට පැවසූ බව වාර්තා වෙයි.

මෙම සැහැල්ලු කතාබහත් සමඟ සිදුවූ එම මොහොත, රාජ්‍ය නිල උත්සවයේ මධ්‍යයේ පවා මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ වඩාත් කතාබහට ලක්විය.(Ape Rata)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!