පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසන්නේ, බාල ගල්අඟුරු මෙරටට ආනයනය කිරීමෙන් සිදු වූ ආර්ථික පාඩුව වසර 40ක් පුරා මන්ත්‍රී විශ්‍රාම වැටුප් ගෙවීමට වැයවන මුදලට සමාන බවයි.
(22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කළේ, ගල්අඟුරු ප්‍රමිතිය නිසි පරිදි පරීක්ෂා කිරීම වැළැක්වීම සඳහා රසායනාගාර වාර්තා නැවැත්වීමට ද ආණ්ඩුව උත්සාහ දැරූ බවයි.
නොරොච්චෝලේ පිහිටි ලක්විජය බලාගාරය සඳහා ඉන්දීය සමාගමක් හරහා ආනයනය කරන ලද ගල්අඟුරු, නියමිත ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වීමත් සමග දැඩි ආන්දෝලනයක් ඇතිව ඇත.
මෙම පසුබිම මත, ලංකා විදුලිබල මණ්ඩලය පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් හා උපායමාර්ග සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ලිපියක් යොමු කර ඇත.
දැනට ආනයනය කරන ලද ගල්අඟුරු නැව් 8 හරහා විදුලිය ජනනය කිරීමෙන් ඇතිවූ සෘජු ආර්ථික අලාභය වෙන්වෙන් වශයෙන් සටහන් කර ඇති අතර, ඒ පිළිබඳ සියලු තොරතුරු ලැබී තිබේ.(Ape Rata)







