වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් වැටුප් ගැනීමකින් තොරව රාජකාරී සිදුකරන බවට ප්‍රකාශ කළද, ඔවුන් වැටුප් නොගෙන වැඩ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසනවා.
ඒ අනුව, ඔවුන් කිසිවෙකුත් වැටුප් නොගෙන ජනතාවට වැඩ නොකරන බවයි අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කැපෙන සුළු මුදලක් යොදාගෙන රටේ ජනතාවට, දරුවන්ට, වෙහෙර විහාරස්ථානවලට හා සෞඛ්‍යයට විශාල සේවාවක් සිදුකර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
ඒ ආකාරයෙන් 159 දෙනෙකුගේ සම්පූර්ණ වැටුප පැලවත්ත කාර්යාලයේ ගිණුමට වැටෙන විට, මාසයකට බස් 10 ක් හා සුහුරු පන්ති කාමර 10 ක් එයින් ලබාදිය හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
Esana







