ඉරානයට ගැහුවොත් අපි නිකං ඉන්නෑ..- පුටින් ට‍්‍රම්ප්ට කෙලින්ම අමතයි..

3472

ඉරානය තුළ පවතින උණුසුම් වාතාවරණය හමුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
විදෙස් පුවත් සේවා වාර්තා කරන අන්දමට, ඉරානයට එරෙහිව කිසියම් හෝ හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇමරිකාව පෙළඹෙන්නේ නම්, රුසියාව ඒ දෙස නිහඬව බලා නොසිටින බවට ජනාධිපති පුටින් (14) සෘජු අනතුරු ඇඟවීමක් කර ඇත.

ඉරාන රජයට එරෙහිව එරට ප්‍රධාන නගරවල සිදුවන ප්‍රචණ්ඩකාරී විරෝධතාවලට වොෂින්ටනය දක්වන සහයෝගය සම්බන්ධයෙන් මොස්කව් පාලනය සිය අප්‍රසාදය පළ කර සිටී.

රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිල ප්‍රකාශයකට අනුව, ට්‍රම්ප් පාලනය විසින් උසිගන්වනු ලබන මෙම මැදිහත්වීම් හේතුවෙන් සමස්ත මැදපෙරදිග කලාපයේම ස්ථාවරත්වය බිඳ වැටී ඇති අතර, එය ලෝක සාමයට දැඩි අවදානමක් මතු කර තිබේ.

මේ වන විට ඉරානය දරුණු ආර්ථික පරිහානියකට සහ දේශපාලන අස්ථාවරත්වයකට මුහුණ දී සිටින අතර, තෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි ආරක්ෂක රැකවල් යොදවා ඇත.

උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා එරට රජය වරින් වර අන්තර්ජාල සබඳතා පවා අත්හිටුවීමට පියවර ගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!