BREAKING NEWS
Search

ඉදිරි සති කිහිපය තීරණාත්මකයි – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

388

 

මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුදමය වාතාවරණය හමුවේ, ඉදිරි සති කිහිපය ශ්‍රී ලංකාවට තීරණාත්මක කාලයක් විය හැකි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේදී යම් ප්‍රමාදයන් ඇති වීමට ඉඩ ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර නැව් ගමනාගමනය සහ ගුවන් ගමන් කටයුතු සඳහා සීමාවන් පැනවී ඇති බවත්, එය මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා ලබා ගැනීමේ ක්‍රියාවලියට බලපෑමක් ඇති කළ හැකි බවත්ය.

ඒ අනුව රට තුළ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පනවා තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කළ බවද ඔහු පැවසීය.

අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, “පවතින වර්තමාන යුදමය වාතාවරණය හමුවේ නැව් සහ ගුවන් ගමනාගමනයට සීමාවන් ඇතිවෙලා තියෙනවා. ඒ හේතුවෙන් අපි ඉල්ලුම් කරන අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයකට ප්‍රමාදයක් ඇතිවීමට ඉඩ තියෙනවා. ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මකයි. ඒ නිසා මෙම සේවාවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා,” යනුවෙනි.





Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!