BREAKING NEWS
Search

කොරියාවේ සිට මෙරටට ආ ඔහුගේ අස්ථානගත වුනු මුදල් පසුම්බිය ගෙදරටම ගෙනැවිත් භාර දුන් උතුම් මිනිසා..

2080

 

 

මේ කියන්න යන්නේ මිනිසත්කම ඉස්මතුවුණු තවත් එක් වැදගත් කතාව.. ඔහුට සමහරවිට මේ මුදල ඔහු ළඟම තියාගන්න තිබුණා..

මොකද මේ දවස්වල හැමකෙනෙක්ටම අඟහිඟකම් තියන නිසා.. ඒත් මේ කියන්න යන්නේ සැබවින්ම මනුස්සකම පිරිණු මිනිසෙකු ගැන ඇසෙන ඒ කතාවයි..

මහමග වැටී තිබී අහුලා ගත් අයිතිකරුවෙකු සොයා ගැනීමට නොහැකි මුදල් පසුම්බියක් දින 04ක් තිස්සේ උපක්‍රමශීලීව හිමිකරු සොයාගෙන ගොස් අයිතිකරුට භාර දුන් අපූරු රියදුරෙක් පිළිබඳව තොරතුරක් අද (30) උදෑසන දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා..

මීට දින 04කට පමණ පෙර විදුලි බල මණ්ඩලයේ දඹුල්ල ඩිපෝවේ රියදුරෙකුට දඹුල්ල නගරය ආසන්නයේ මහපාරේ වැටී තිබී මුදල් පසුම්බියක් හමුව තිබෙනවා..

එම මුදල් පසුම්බියේ රුපියල් ලක්ෂයකට වැඩි මුදල් එමෙන්ම කොරියාවේ ලොතරැයි පත්, ලංකාවේ ලොතරැයි පත් සහ වටිනා රන් මාලයක්ද තිබී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ..

කෙසේ වෙතත් එම මුදල් පසුම්බියේ වෙළඳසැලකින් භාණ්ඩ මිලදී ගත් කුඩා බිල්පතක් හමුවී ඇති අතර නයාකුඹුර, අටු බැඳියාව ගමේ පදිංචිව සිටින ඔහු නැවතත් යතුරුපැදියෙන් අදාල වෙළඳසැල සොයාගෙන ගොස් එමෙන්ම භාණ්ඩ මිලදී ගත් පුද්ගලයා පිළිබඳව තොරතුරු සොයාබලා තිබෙනවා…

පසුව වෙළෙඳ සැලේ හිමිකරුගේ සහයෝගයව ඇතිව වෙළඳසැලේ ආරක්ෂිත කැමරා පද්ධතියද පරීක්ෂාකර ඇති අතර එම වෙළෙඳසැලෙන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයා එහිදී හඳුනාගෙන ඇති බවද සඳහන්..

ඔහු කොරියාවේ සේවය කොට ලංකාවට පැමිණ සිටි අයෙක් බවටද ඔවුන් සොයාගෙන තිබෙනවා..

පසු දිනයක පසුම්බියේ හිමිකරු අදාළ වෙළෙඳසැලට පැමිණි අවස්ථාවක මේ පිළිබඳ දැනුවත්කර තිබෙනවා..

ඉන්පසු අද (30) උදෑසන ඔහුගේ මුදල් පසුම්බිය රන්මාලය සහ සියලු භාණ්ඩ භාරදීමට කටයුතුකර ඇති අතර, පසුම්බිය පරීක්ෂාකර ඇති එහි හිමිකරු, පසුම්බියේ තිබූ සියළු මුදල් සහ භාණ්ඩ එලෙසම තිබූ බවද පවසා තිබෙනවා..

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!