BREAKING NEWS
Search

ඉරාන නැවේ හිටපු පුද්ගල සිරුරු තව වැඩි වෙයි… මිය ගිය ගණන මෙන්න..

1000

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් පිහිටි ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ගිලී ගිය ඉරාන යුද නෞකාවෙන් පුද්ගලයින් 84 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කරයි.

නාවික හමුදාව පවසන්නේ, තවමත් අතුරුදන්ව සිටින පුද්ගලයින් සොයාගැනීම සඳහා සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

ඉරාන නාවික හමුදාවට අයත් **IRIS Dena** නෞකාව ශ්‍රී ලංකාවට නිරත දෙසින් පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශයකදී අමෙරිකානු සබ්මැරීනයකින් එල්ල වූ ප්‍රහාරයකින් මුහුදුබත් වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අදාළ නෞකාව නාවිකයන් 180 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සමඟ ඉන්දියාවේ විශාකාපට්නම්හි පැවති ජාත්‍යන්තර නාවික හමුදා යාත්‍රා පෙළ ඇගයීමේ අභ්‍යාසයකට සහභාගී වී, එයින් පසු නැවත ඉරානය බලා ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇතැයි වාර්තා වේ.

අමෙරිකානු ආරක්ෂක ලේකම් **පීට් හෙග්සෙත්** සඳහන් කර ඇත්තේ, අමෙරිකානු සබ්මැරීනයකින් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කරමින් එම නෞකාව ගිල්වා දැමූ බවයි.

ඔහුගේ ප්‍රකාශයට අනුව, “ජාත්‍යන්තර මුහුදේදී අපගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස සැලකූ ඉරාන යුද නෞකාවක් ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමීමට අපට සිදු වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සතුරු නෞකාවක් ටෝපිඩෝවක් භාවිතා කර ගිල්වා දැමූ පළමු අවස්ථාව මෙයයි.”

මෙම ප්‍රහාරය සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් ද අමෙරිකානු ආරක්ෂක අංශ විසින් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට පත් වූ නාවිකයන් සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු රැස් කිරීම සහ සෙවීම් මෙහෙයුම් ඉදිරියටත් සිදුකරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.(Ape Rata)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!