වැටලීම් රාජකාරියක් සඳහා බව පවසමින් නිල සටහන් යොදා පොලිස් ස්ථානයෙන් පිටව ගොස්, කාන්තාවක සමඟ ලැගුම්හලක රැඳී සිටි බව කියන වැලිපැන්න පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. රාජකාරිය පැහැර හරිමින් සිදුකර ඇති මෙම විනය විරෝධී ක්‍රියාව හේතුවෙන් ඔහු මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත.
උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළ පරිදි, අදාළ සැරයන්වරයා වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාගේ නියෝග මත තවත් නිලධාරීන් තිදෙනෙකු ද සමඟ වැටලීම් රාජකාරී සඳහා මෙලෙස පිටව ගොස් තිබුණි. කෙසේ වෙතත්, පසුව ලද තොරතුරකට අනුව ස්ථානාධිපතිවරයා විසින් සිදු කරන ලද හදිසි පරීක්ෂාවකදී, මතුගම අගලවත්ත මාර්ගයේ පිහිටි ලැගුම්හලක කාමරයක් තුළ කාන්තාවක සමඟ රැඳී සිටියදී මෙම සැරයන්වරයා හසු වී ඇත.







