වත්මන් රජය බලයට පැමිණියේ රනිල් සහ රාජපක්ෂ හවුල විසින් ක්‍රියාත්මක කරමින් තිබූ බහුජාතික සමාගම්වලට රටේ ජනතාවගේ සම්පත් මංකොල්ලකෑම නවත්වන බවට ප්‍රකාශ කරමින් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසනවා.
ආණ්ඩුව විසින් ඒවා නවත්වන බවට ප්‍රකාශ කර බලයට පැමිණි නමුත්, ඔවුන් රනිල් රාජපක්ෂ ජුන්ටාව විසින් ගෙනගිය ප්‍රතිපත්තිය ඊට වඩා වේගයෙන් ඉදිරියට ගෙන යන බවට හොඳින් පෙනෙන්නට ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
මෙරට ඇති ආර්ථික මධ්‍යස්ථාන දහ අටෙන්, 14 ක් පුද්ගලික සමාගමකට භාරදීමට සූදානම් වන බවට එහි සේවක සමිති චෝදනා කරන බවත්, මේ යන ආකාරයට කිසිදු දෙයක් ඉතුරු නොවන බවත්, සෑම දෙයක්ම පෞද්ගලික සමාගම්වලට පවරන ආකාරයෙන් කටයුතු කරමින් යන බවයි පුබුදු ජයගොඩ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
esana







