BREAKING NEWS
Search

මේ වෙලාවේ කන්න ඕනේ පිදුරු, හැබැයි පිදුරු කන්නවත් ඉතුරු වෙන්නේ නෑ – ශාන්ත බණ්ඩාර

729

රට අභාග්‍ය සම්පන්න තත්ත්වයක තිබෙන බවත්, සෑම ක්ෂේත්‍රයකම ඇත්තේ කඩා වැටීමක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පවසනවා.

ඒ අනුව, කෘෂි කර්මාන්තය, ව්‍යවසායකත්වය හා සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් බින්දුවට කඩා වැටී බවයි අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

විවිධ රටවල්වල ජාත්‍යන්තර වශයෙන් ඇතිවන යුදමය තත්ත්වයන්වලදී ශ්‍රි ලංකාවට ඉදිරියේදී ගැටලු රාශියකට මුහුණදීමට සිදුවන බවත්, විපක්ෂය විසින් කරුණු පෙන්වා දීමේ දී ආණ්ඩුව ඒවාට අවධානය යොමුකළ යුතු බවත් ඔහු පවසා සිටියා.

රටේ වර්තමානයේ පවතින තත්ත්වය අනුව, ආහාරයට ගත යුත්තේ කුමක්ද යන්න මෙහිදී මාධ්‍යවේදියෙක් විමසා සිටි අතර, එයට පිළිතුරු දුන් හිටපු මන්ත්‍රීවරයා සඳහන් ‍කළේ, මේ අවස්ථාවේ ආහාරයට ගත යුත්තේ පිදුරු බවත්, එහෙත් ඒවාද ආහාරයට ගැනීමට ඉතුරු නොවන බවයි.

ආණ්ඩුව, බලය ලබා ගැනීමට ගොවි ජනතාව පාරට බස්සවා විරෝධතා සිදු කළ බවත්, නමුත් ර‍ජය විසින් ගොවි ජනතාව ‘ඇන්දවීමට’ කටයුතු කර ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

source – esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *