BREAKING NEWS
Search

රජ පවුලේ කුමරිය මිල අධික ගවුමක් සොරකම් කරලා.. ඒ ගවුම ප්‍රසිද්ධියේ ඇදගෙන ඉදලා…. දෙයියනේ මෙහෙමත් හොරකමක්

2385

 

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ හිටපු සාමාජිකාවක් වන, හැරී කුමරුගේ බිරිඳ මේගන් මාකල් සම්බන්ධයෙන් මේ දිනවල අහන්න ලැබෙන පුවතක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඒ, ඇය ඇඳුම් සහ නිර්මාණකරුවන්ගේ භාණ්ඩ “සොරකම්” කළා යැයි නැගෙන ආන්දෝලනාත්මක චෝදනාවක් ඇයට එල්ල වෙනවා.

මේ කතාව පටන් ගන්නේ 2022 දී Variety සඟරාවේ කවරය සඳහා කළ ඡායාරූප රූගත කිරීමකින්. මේගන් මාකල් එම රූගත කිරීමට ඇඳ සිටි, නිර්මාණකරුවන්ගේ ඩොලර් 1,695 වටිනා එමරල්ඩ් ග්‍රීන් ගැල්වන් “Ushuaia” නම් එක් උරහිසක් ඇති මිල අධික ගවුම ඇතුළුව, තවත් භාණ්ඩ රැසක් නැවත ලබා නොදුන් බවටයි චෝදනාව එල්ල වී ඇත්තේ.

මේ චෝදනා ඉස්මතු වුණේ මෑතකදී, ඒ කියන්නේ හරියටම 2024 දී. ඒ, ද නිව්යෝර්ක් ටයිම්ස් සහ Vanity Fair හි ලේඛිකාවක් වන වැනෙසා ග්‍රිගෝරියාඩිස් විසින් ඇන්ඩෘ ගෝල්ඩ්ගේ “Heretics” පොඩ්කාස්ට් වැඩසටහනේදී මේ කාරණය හෙළිදරව් කිරීමත් සමඟයි.

අතිශය ධනවත් මාකල් මෙලෙස ඇඳුම් “අතුරුදහන්” කිරීම බොහෝ දෙනාගේ අවධානයට ලක් වී තිබෙනවා. මේගන් මාකල් විසින් ඇයගේ ප්‍රවර්ධන වීඩියෝවකදීද, චෝදනාවට ලක් වූ එම Galvan “Ushuaia” ඇඳුමම ඇඳ සිටිනු දක්නට ලැබුණා.

දෙසැම්බර් 3 වැනිදා නිකුත් වීමට නියමිත මේ විශේෂ වැඩසටහනේදී මේගන්, “සොරකම් කළා” යැයි කියන ගවුමම ඇඳීම, මේ කතාබහ තවත් උණුසුම් කිරීමට සමත් වී තිබෙනවා.
මාකල්ගේ නියෝජිතයාගෙන් මේ සම්බන්ධයෙන් අදහස් විමසීමක් ඉල්ලා සිටියද, මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැහැ.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!