BREAKING NEWS
Search

විදුහල්පති හෙරොයින් බෙදා ඇත්තේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ සභාපති ලෙසත් ඉන්න ගමන්..

432

 

මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ද එප්පාව කට්ටියාව විදුහලේ විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරුවා දින හතක් රඳවා ප්‍රශ්න කිරීමට තඹුත්තේගම අධිකරණය පොලිසියට අවසර දී ඇත.

ඒ අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා අද දිනයේ තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

අධිකරණයේදී හෙළි වූයේ සැකකාර විදුහල්පතිවරයා අනුරාධපුර දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ සභාපති ලෙසද කටයුතු කරන අයෙක් බවයි.

මත්ද්‍රව්‍ය සමග විදුහල්පතිවරයාගේ පුත්‍රය අද මීට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සැකකාර විදුහල්පතිවරයාගේ බිරිඳ වන්නේ ජාතික ජන බලවේග පෑලියගොඩ නාගරික මන්ත්‍රීවරියකි.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!