BREAKING NEWS
Search

පාසල් දරුවන් අතර කුඩු බෙදා හැරියේ මාලිමා විදුහල්පතිලා…

240

 

මෙරටින් මත්ද්‍රව්‍ය වසංගතය තුරන් කිරීමට පක්ෂ පාට භේදයෙන් තොරව කටයුතු කිරීමට ආණ්ඩුව වග බලා ගත යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා ළඟ ජාතික ජනබලවේගයේ ගුරු සංගමයට සම්බන්ධ විදුහල්පතිවරයා සහ ඔහුගේ බිරිඳ වන මාලිමා මන්ත්‍රී වරිය නිසා පාසල් දරුවන් අතර කුඩු බෙදා හැරියේ ඔවුන් දැයි සැකයක් මතුවන බවද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

පසුගිය කාලයේදී මෙරටින් මත්ද්‍රව්‍ය හමුවන සෑම වස්ථාවකම රාජපක්ෂලාට චෝදනා කළ ආණ්ඩුව මෙවර මත්ද්‍රව්‍ය සඳහා චෝදනා කරන්නේ කාටදැයි ප්‍රශ්න කරයි.

මෙවර අත්අඩංගුවට ගත් සැකකරුද රඳවා ගැනීමේ නියෝග ලබාගෙන පසුපස සිටින දේශපාලඥයන් සොයාගත යුතු බවද පවසන ඔහු පාර්ලිමේන්තුවේ සිටින 159 දෙනාත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනුත් කුඩු විකුණුවීම නවතා අයවැය යෝජනා ක්‍රියාත්මක නොකළහොත් නැවතත් සියයට තුනට වැටීම නතර කළ නොහැකි බවද කියා සිටියේය.

Source – lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *