මේ දවස්වල බොහෝ දෙනා අවධානය යොමුකරන කාරණයක් ගැනයි මේ කියන්න යන්නේ.
QR ක්‍රමවේදයේ හටගෙන ඇති තාක්ෂණික දෝෂ ඉදිරි පැය කිහිපය තුළ සම්පූර්ණයෙන් විසඳා අවසන් කරන බව ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසනවා.
එමෙන්ම හෙට සිට QR කේතයට පරිබාහිරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
කෙසේ වෙතත් QR කේතය ආශ්‍රිතව හටගෙන ඇති තාක්ෂණික දෝෂ හේතුවෙන් ඉන්ධන ලබාගැනීමට පැමිණි ජනතාව අදත් පත්ව තිබුණේ දැඩි අපහසුතාවකටයි.
එමෙන්ම QR කේතය ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ක්‍රියාත්මක නොවීමෙන් ද ගැටලු වාර්තා වුණා.
Hiru Gossip







