BREAKING NEWS
Search

ඇයගේ මව සොයා රාජ්‍ය බුද්ධි සේවයත් වැඩ අරඹයි.. මාධ්‍යවේදිනියකගේ අතුරුදන් වූ මව ගැන ඇසෙන විශේෂ ආරංචියක් මෙන්න..

511

මේ කියන්න යන කතාව මොකක්ද කියලා ඔබත් බලනවා ඇති.

ප්‍රසිද්ධ ‘Today’ වැඩසටහනේ නිවේදිකා සවනා ගුත්‍රීගේ මව අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් විසින් විශේෂ ෆෙඩරල් සහායක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

නැන්සි ගුත්‍රී නමැති 84 හැවිරිදි මෙම කාන්තාව පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ටක්සන්හි පිහිටි ඇයගේ නිවසේදී අවසන් වරට දැක ඇති අතර, ඇයව පැහැරගෙන ඇති බවට පොලිසිය සැක කරනවා.

ජනාධිපති ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, ඇය සොයා ගැනීම සඳහා සියලුම ෆෙඩරල් නීති බලාත්මක කිරීමේ ආයතනවල පූර්ණ සහාය වහාම ලබා දෙන ලෙස තමා නියෝග කළ බවයි.

මේ අනුව අමෙරිකාවේ රාජ්‍ය බුද්ධි සේවය වන ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) හි අධ්‍යක්ෂ කාශ් පටෙල් ටක්සන් බලා යාමට සැලසුම් කර ඇති අතර, විමර්ශන සඳහා උපරිම සම්පත් යෙදවීමට සූදානමින් සිටින බව ද සඳහන්.

දැනට මෙම පරීක්ෂණ මෙහෙයවනු ලබන්නේ ඇරිසෝනා ප්‍රාන්ත බලධාරීන් වන අතර, FBI ආයතනය ඔවුන්ට සහාය දක්වනවා.

පීමා ප්‍රාන්තයේ ෂෙරිෆ් ක්‍රිස් නැනෝස් පවසන පරිදි, ප්‍රාදේශීය රූපවාහිනී මධ්‍යස්ථානයක් වෙත ලැබුණු කප්පම් ඉල්ලන ලිපියක් පිළිබඳවද මේ වන විට පරීක්ෂණ පවත්වන බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

සවනා ගුත්‍රී සහ ඇයගේ සහෝදර සහෝදරියන් ඉන්ස්ටග්‍රෑම් හරහා වීඩියෝවක් නිකුත් කරමින් සිය මව නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා.

එහිදී සවනා මෙසේ පැවසුවා. “මගේ මවට දැන් වයස 84ක්. ඇයගේ හදවත දුර්වලයි. ඇය නිරන්තර වේදනාවෙන් පසුවේනවා. ඇයට ජීවත් වීමට අවශ්‍ය ඖෂධ මේ වන විට ඇය සතුව නෑ”.
තමන් කප්පම් ලිපිය ගැන අසා ඇති බවත්, ඒ ගැන සාකච්ඡා කිරීමට පවුලේ අය සූදානම් බවත් පැවසූ සවනා, කෙසේ වෙතත් ඇය පණපිටින් සිටින බවට ස්ථිර සාක්ෂියක් තමන්ට අවශ්‍ය බව අවධාරණය කළා.

වසර 25කට වැඩි කාලයක් සවනාගේ මිතුරියක වූ නීතිපති පෑම් බොන්ඩි ද මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!