BREAKING NEWS
Search

ආපදාවෙන් පවුල් 150ක ජීවිත බේරූ ටිබෙට් ජාතික යතිවරයාණෝ..

1111

 

(ප්‍රසාද් රුක්මල් )

ධාරානිපාත වර්ශාවත් සමග බදුල්ල පස්සර පාලාවත්තේ සිදුවු ආපදාවන් වලින් පවුල් 150ක මිනිස් ජීවිත නිරුපද්‍රිතව බේරාගැනීමට පාලාවත්ත ශ්‍රී බෝධීරාජාරාම විහාරස්ථානයේ ව්හාරාධිපති ටිබෙට් ජාතික එස්.අමරජෝති හිමියන් සමත් වූහ.

බදුල්ල දිස්ත්‍රික්කයේ නොබෝදා පැවති ධාරානිපාත වර්ශාවත් සමග නායයාම් , පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටෙන බවට හැගීගිය පාලාවත්ත ශ්‍රී බෝධීරාජාරාම විහාරස්ථානයේ ව්හාරාධිපති හිමියන් ධාරානිපාත වර්ශාව මධ්‍යයේ අනතුරුදායක බව නොතකා අලුයම පාලාවත්ත ,ගඩාදිගොල්ල, කොළොන්ගස්පිටිය ගම්මානවලට සැතපුම් ගණනක් පාගමනින් යමින් මෙසේ අලුයම නිවෙස්වල නිදා සිටි ජනතාව අවදිකර අනතුරුදායක බව පහදා දෙමින් ජනතාවට වහා සිය විහාරස්ථානය කරා යන ලෙසට දැනුවත් කර අහිංසක ජනතාවගේ මිනිස් ජීවිත රැසක් මෙසේ බේරාගෙන තිබේ.

පාලාවත්ත ශ්‍රී බෝධී රාජාරාම විහාරස්ථානයේ ව්හාරාධිපති ටිබෙට් ජාතික එස්.අමරජෝති හිමියන් සිය බිහිසුණු අත්දැකීම මෙසේ විස්තර කළහ.

බදුල්ල දිස්ත්‍රික්කයේ නොබෝදා නොකඩවා පතිත වූ ධාරානිපාත වර්ශාවත් සමග එදා මම විහාරස්ථානයේ වැඩසිටියේ. කොහොම හරි මට රෑ එලිවෙනකල් නින්ද ගියේ නෑ.පසුව වර්ශාව බරපතළ තත්වයත් සමග ගමේ විශාල ආපදාවන් රැසක් සිදුව්‍ය හැකි බවට මට හැගීගියා. මම මහවැස්සේම අනතුරු දායක තත්වය නොසලකා අලුයම ගමපුරා තනියම ඇවිදයමින් ගෙයක්, ගෙයක් ගානේ ගොස් ජනතාව අවදි කර වහාම නිවෙස්වලින් ඉවත් වී ආරක්ශිත ස්ථානයක් ලෙස මගේ විහාරස්ථානය ට යන ලෙසට දැනුවත් කලා පාලාවත්ත ගඩාදිගොල්ල කොළොන්ගස්පිටිය ගම්මානවලට සැතපුම් ගණනක් දුර තනියම ආපදා තත්වය නොතකා මම ගිය නිසා පවුල් 150කගේ පමන මිනිස් ජීවිත මට නිරුපද්‍රිතව බේරා ගැනිමට හැකිවුණා .ඒ ගැන මට හරි සතුටුයි .පසුදින උදේ බලන විට ගම්මානයේ නිවාස රැසක් නායයාමට ලක්ව ගස්කොළන් පස්කදු ගල්පර්වත කඩා වැටී විනාශ වී තිබුනා .

දැන් මගේ පාලාවත්ත ශ්‍රී බෝධිරාජරාම විහාරස්ථානයේ අවතැන් වී සිටින එම ජනතාව අතර දැරුවත් ප්‍රසුත කිරිමට ආසන්න ගැබිනි මාතාවන් තිදෙනෙකු සිටිනවා. ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් නිරතුරුව සොයා බලමින් පවුල් සෞඛ්‍ය සේවිකා නිළධාරිනියක් දිවා රාත්‍රි කාලයේ කටයුතු කරනවා.

වර්ශාව නිමා උනත් අද (2) අලුයම් කාලයේ විශාල ගස් කීපයක් කඩා වැටී නිවාස කීපයකට හානි වුනා .එම ජනතාව මගේ විහාරස්ථානයේ සිටින නිසාවෙන් කිසිදු ජීවිත අනතුරක් සිදුවුනේ නෑ

source – lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!