BREAKING NEWS
Search

කෝච්චිය යන්න ලෑස්ති වුණා, රියදුරු එකපාරටම තීරණය වෙනස් කළා…. ගණේමුල්ල ස්ටේෂමේ ඒ වෙලාවේ වුණු දේ මෙන්න.

547

තවමත් මේ ලෝකය ලස්සන මනුස්සකම පිරුණු මිනිස්සු ඉන්න නිසා කියලා ඔප්පු කරපු අපූරු සිදුවීමක් ඊයේ ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් වාර්තා වුණා.

ගණේමුල්ල ස්ටේෂමට දුම්රිය ළඟා වෙනවත් එක්කම, එක අම්මා කෙනෙක් තමන්ගේ පුංචි දරුවත් වඩාගෙන හති දාගෙන දුවගෙන එනවා එතන හිටපු පිරිසට දැකගන්න ලැබුණා.

ටිකට් අරගෙන, පාලම උඩින් දුවලා, ආයෙත් පාලමෙන් බැහැලා එනකොට දුම්රිය පිටත් වෙන්නයි ලෑස්තිය. ඒ අම්මට කොහොමටවත් ඒ වෙලාවට කෝච්චියට නගින්න වෙලාව මදි කියලා එතන හිටපු හැමෝටම තේරුණා.

සාමාන්‍යයෙන් දුම්රියක් නියමිත වේලාවට පිටත් විය යුතු වුණත්, මෙවර සිද්ධ වුණේ හිතාගන්න බැරි දෙයක්. ඒ දුවගෙන එන අම්මා සහ පුංචි දරුවා දෙස දුම්රිය රියදුරු මහතා ඉතාමත් ඉවසීමෙන් බලා සිටියා. ඔහු ඒ අම්මා දරුවත් එක්ක ආරක්ෂිතව දුම්රියට නගින තෙක්ම කෝච්චිය පණ ගැන්වූයේ නැහැ.

“රාජකාරියට වඩා මනුස්සකම වටිනවා” කියන දේ ක්‍රියාවෙන් ඔප්පු කරපු මේ රියදුරු මහතාගේ ක්‍රියාව එතන හිටපු හැමෝගේම ඇගයීමට ලක් වුණා. කාර්යබහුල ලෝකයක මෙවැනි නිලධාරීන් ඉන්නා තාක් අපේ රටට තවමත් බලාපොරොත්තුවක් තියෙනවා.

සමාජ මාධ්‍ය ඇසුරෙන්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!