BREAKING NEWS
Search

රෑට කොත්තු කෑ තරුණයාට අත්වූ නොසිතූ ඉරණම..!

4673

කොත්තුවක් ආහාරයට ගැනීමෙන් පසුව රෝගී වූ තරුණයකු පෙරේදා (24) රාත්‍රීයේ රෝහල්ගත කිරීමෙන් පසු ඊයේ (25) අලුයම මිය ගොස් ඇති බව අඟුරුවාතොට පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නදීඋයන, බටගොඩ, ගල්පාත පදිංචි කේ.ඩී. මහේෂ් සංජීව නන්දදේව නමැති 35 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

මියගිය තරුණයා පෞද්ගලික ආයතනයක රැකියාව කරන අතර පෙර දින රැකියාව නිමවා රාත්‍රි 8.30ට පමණ නි‍ෙවසට පැමිණි අතර එන විට කොත්තුවක් රැගෙන විත් තිබූ බවත් එය වැඩිමහල් සහෝදරයා සමඟ ආහාරයට ගෙන ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වී තිබේ. ඉන් පසු රාත්‍රී 10.30ට පමණ ඔහුට වමනය සහ උදරයේ වේදනාවක් ඇති වී ගල්පාත රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මූලික ප්‍රතිකාර ලබාදී හොරණ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර එවීමෙන් පසු අලුයම් කාලයේ මියගොස් ඇති බව පොලීසිය පවසයි.

කොත්තුව ආහාරයට ගත් වැඩිමහල් සහෝදරයාට කිසිම රෝගී තත්ත්වයක් ඇති වී නැති බවද අනාවරණය වී තිබේ. මේ පිළිබඳ මරණ පරීක්ෂණය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂණය හොරණ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා විසින් පැවැත්වීමට නියමිත අතර ඔහුගේ මරණයට හේතුව අනාවරණය කරගත හැක්කේ ඉන් පසුව බව පොලීසිය පවසයි. අඟුරුවාතොට පොලීසිය මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කරයි.

Source – Dinamina (හොරණ මධ්‍යම සමූහ – විනීතා මානෙල් ගමගේ ) 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!