BREAKING NEWS
Search

චන්ද්‍ර කුණාටුව නිසා එක්සත් රාජධානියට දැඩි බලපෑම්

2308

Storm Chandra’ නමින් හැඳින්වෙන කුණාටුව හේතුවෙන් එක්සත් රාජධානියේ විශාල ප්‍රදේශවල දැඩි සුළං හා ජල ගැලීම් තත්ත්ව හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් එක්සත් රාජධානියේ මාර්ග රැසක් වසා දැමීමට සිදුව ඇති අතර, දුම්රිය, නාවික හා ගුවන් සේවා ගණනාවක් අවලංගු කර තිබේ.

එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ ඇතැම් ප්‍රදේශවල පාසල් වසා දමා ඇති බවද සඳහන්ය.

කුණාටුවෙන් පැය 80mph (කිලෝමීටර් 130කට ආසන්න) දක්වා සුළං වේග වාර්තා වීමත් සමඟ දේපළ දහස් ගණනක් විදුලි සැපපයුමටද බාධා එල්ලවී ඇත.

එංගලන්තයේ, ස්කොට්ලන්තය සහ වේල්සය යන ප්‍රදේශවල සුළං, වර්ෂාව හා හිම සඳහා අවදානම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෙල්ෆාස්ට් ඇතුළු උතුරු සහ නැගෙනහිර උතුරු අයර්ලන්තයේ සුළං අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!