මහින්ද කුලියට ඉන්න නිවස උඩින් ඩ්‍රෝන යවයි..

2005

 

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට කොලඹ පදිංචි කිරුලපන නිවසට ඉහලින් දෙවරක් ඩ්‍රෝන යානවන් පියාසර කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
27 දින දහවල් කාලයේදී මෙම ඩ්‍රෝන යානා පියාසර කර ඇති බව මෙම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

මෙහිදී මෙය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජිවිතාරක්ෂාවට තර්ජනයක් බවත් මේ පිළිබඳව පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් තවම ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.තවද මෙම ඩ්‍රෝන පියාසර කරවීම සංවිධානාත්මකව කරන ලද්දක්දැයි බරපතළ සැකයක් මතුවන බවද එම ආරංචිමාර්ග සදහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොලඹ විජේරාම නිල නිවසින් නික්ම යාමෙන් පසුව කොලඹ කිරුලපන නිවසක දැනට වාසය කරයි.

lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!