BREAKING NEWS
Search

ජනපති අනුර ඉදිරියේ අස්ගිරි අනුනාහිමි ගෝටාභයගේ ගුණ වයයි.

4571

ජනපති අනුර ඉදිරියේ අස්ගිරි අනුනාහිමි ගෝටාභයගේ ගුණ වයයි..
මහනුවර ඈල්පොළ වලව්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ තබා ගැනීමටම උත්සාහයක් තිබූ බවත් නමුත් මහත් පරිශ්‍රමයක් දරා එය දළදා මාලිගාවට අයත් ස්ථානයක් කරගැනීමට හැකි වුවත් අස්ගිරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ සඳහන් කරති.

ඒ සඳහා දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් මහත් වෙහෙස මහන්සියෙන් කටයුතු කරන ලද බව පැවසූ උන්වහන්සේ ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද කෘතවේදීව සිහිපත් කළ යුතු බවත් පැවසූහ.

ඉතිහාසයක් නැති ජාතියකට වර්තමානයක් නැති බවත් වර්තමානය ශක්තිමත්ව නැති ජාතියකට අනාගතයක් නැති බවත් පැවසූ උන්වහන්සේ එනිසා බෞද්ධ උරුමයත් සමඟ ඉතිහාසයද ආරක්ෂා කරගත යුතු බවද කියා සිටියහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී පැවති ඇහැලේපොළ වලව්වේ ඉටිරූප කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලදී.

lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!