BREAKING NEWS
Search

මෙවැනි ඛේදවාචකයක් තවත් නැති තරම්.. ජීවිත බේරාගන්න ගම්පොළ පැත්තට ආව ඔවුන් හසුවූ රුදුරු ජලකඳ හමුවේ ජීවිතය හැරදා යයි..

5165

 

ජීවිත කියන්නේ මොන තරම් අවිනිශ්චිත දෙයක්ද..?

ඒ කියන කාරණය මේ කතාවෙන් හොඳින්ම ඔප්පු වෙනවා. ඔවුන් මේ අනතුර ගැන නොදැන හිටියා නෙවෙයි.

ඒත් අවාසනාවන්ත විදිහට ඔවුන් සියළු දෙනාටම එකට අවසන් ගමන් යන්න වෙලා. ගම්පොළ නගරයේ ජීවත්වුණු පවුලක සිටි පිරිසක් අවාසනාවන්ත ලෙස ගංවතුරට හසුවී ජීවිතයෙන් සමුගන්නවා.

මේ පවුල තමන් ජීවත්වුණු ප්‍රදේශය අතහැරලා ගම්පොළ පැත්තට ඇවිල්ලා තිබුණේ නාය යාමකින් තමන් ජීවත්වෙන ප්‍රදේශය අවදානම් බව දැනගත් වහාමයි.

ඒත් කොත්මලේ ජලාශයේ රුදුරු ජලකඳ ඔවුන්ට මරණය ගෙන්වාවි කියලා කිසිවෙකුත් හිතන්නට නැතුව ඇති. කොත්මලේ ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත වීම නිසා ඇතිවෙච්ච ගංවතුර තත්වයට හසුවී ඔවුන් පස් දෙනෙකුට දිවි අහිමි වුණා.

මේ පිරිස ජීවිතයත් මරණයත් අතර සටන් කරන අවසාන මොහොතේ දී පවා පණ රැකගන්න විශාල වෙහෙසක් දැරූ බව මෙන්න මේ කාරණයෙන් පැහැදිලි වෙනවා, “ඒ මුළු පවුලම මේ ගේ ඇතුලේ මියගියා. මෙයාලගේ මළ සිරුරු ගත්ත අය අපිට කිව්වේ මේ පවුලේ අම්මා අවසාන මොහොතෙත් තමන්ගේ ජීවිතය බේරගන්න ෆෑන් එකේ එල්ලිලා හිටියේ කියලා.”

මේ ඡායාරූපයේ ඉන්න පවුල ගම්පොළ නගරයට ඇවිල්ල තියෙන්නෙ ඔවුන්ගේ නිවස අසල නාය යාමක් වන බවට සලකුණු තිබ්බ නිසා.
ඔවුන් බේරෙන්න කියලා මෙතනට ආවට කොත්මලේ ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත වීම නිසා ඇතිවෙච්ච ගංවතුරට ඔවුන් අහුවුනා.

ඒ මුළු පවුලම මේ ගේ ඇතුලේ මියගියා. මෙයාලගේ මළ සිරුරු ගත්ත අය අපිට කිව්වේ මේ පවුලේ අම්මා අවසාන මොහොතෙත් තමන්ගේ ජීවිතය බේරගන්න ෆෑන් එකේ එල්ලිලා හිටියේ කියලා.
මෙතන මරණ පහ ඇත්තටම ඛේදවාචකයක්.

source – hiru gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!