BREAKING NEWS
Search

හිටපු ජනපති මහින්දගේ විජේරාම නිල නිවසේ කොටසක වතුර කපයි…!

35

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වාසය කරන විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර ඇති බව අද දෙරණ වෙබ් අඩවිය වාර්තා කරනවා,

ඒ එහි ලක්ෂ තුනක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් බවයි එහි සඳහන් වන්නේ.

මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නැති බවත්,  හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ ජල සැපයුමට අදාළ බිල්පත් ගෙවීම් සිදුකරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ අද දෙරණට පැවසීය.

පසුගිය කාලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වාසය කරන විජේරාම නිල නිවස රජයට බාර දෙන ලෙසට මාලිමා ආන්ඩුවෙන් දැඩි ප්‍රකාශ ඇමතිවරුන් කිහිප දෙනෙක්ම ප්‍රකාශ කලහ.

 

lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *