BREAKING NEWS
Search

“අපිව දැකලා දැකලා මිනිස්සුන්ටත් එපා වෙන කාලයක් එනවා…” – ජනප්‍රිය රංගන ශිල්පිනී රෙබෙකා දිල්රුක්ෂි කියූ සත්‍ය කතාව

222

 

පුංචි තිරයේ මේ දවස්වල වැඩිපුරම කතාබහට ලක්වන රංගන ශිල්පිනියක් ලෙස රෙබෙකා දිල්රුක්ෂි හැඳින්විය හැකිය. ඇයගේ සුන්දරත්වයත්, ස්වභාවික රංගන හැකියාවත් නිසා බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ඇය අද වනවිට රසික හදවත්වලට සමීප තරුවක් බවට පත්ව ඇත.

මේ වනවිට ටෙලිනාට්‍ය කිහිපයක් හරහා ප්‍රේක්ෂකයන් හමුවන රෙබෙකා, රංගනය පිළිබඳව පසුගියදා දැක්වූ අදහසක් සමාජ මාධ්‍ය තුළද අවධානයට ලක්විය.

ඇය පවසන්නේ ජනප්‍රියත්වය සදාකාලික දෙයක් නොවන බවයි. කලාකරුවෙකු ලෙස ලැබෙන අවස්ථා සහ රසික ආදරය කාලයක් සමඟ වෙනස් විය හැකි බවත් ඇය අවංකව සඳහන් කරයි.

“ඔව්, මේක හොඳ කාලයක් කියලා හිතනවා. මේ දවස්වල වැඩ ටිකක් තියෙනවා. හැමදාම අපිට රඟපාන්න අවස්ථාවන් ලැබෙන්නේ නැහැ. අපිව දැකලා දැකලා මිනිස්සුන්ටත් එපා වෙන කාලයක් එනවනේ,” යනුවෙන් ඇය සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත්, රංගනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමේ අදහසක් තමන්ට නොමැති බවත් ඇය පැහැදිලි කරයි. ජීවිතයේ අවසානය දක්වාම රංගනයට සම්බන්ධ වී සිටීමට තමන් බලාපොරොත්තු වන බවත් ඇය කියා සිටියි.

ඒ සමඟම, ලැබෙන සෑම නිර්මාණයක්ම භාර නොගන්න බවත්, තමන්ට චරිතය වෙනුවෙන් යමක් කිරීමට අවස්ථාව ලැබෙන, හදවතින්ම කරන්න පුළුවන් නිර්මාණයන්ට පමණක් එක්වන බවත් රෙබෙකා දිල්රුක්ෂි වැඩිදුරටත් පවසා තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!