BREAKING NEWS
Search

දෙහිවල සත්තු වත්ත හොරු කඩති.. සතුන් 32ක් සොරකම් කරගෙන යති…!

4988

 

ඉකුත් දා (4) අලුයම දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32 දෙනකු සොරකම් කර ඇති බව දෙහිවල පොලිසිය වාර්තා කරයි.

මෙම සොරකම සිදුව ඇත්තේ සතුන් රඳවා සිටි කූඩුවක් කඩා දැමීමෙනි. සිද්ධිය පිළිබඳව සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂවරිය වන එස්.ඒ.ඩී.පී. සමන්මලී මහත්මිය විසින් පෙරේදා දහවල් කාලයේදී පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සොරකම් කරන ලද පරෙවියන්, මෑතකදී සත්වෝද්‍යානයට භාර දුන් පරෙවි තොගයකට අයත් වේ.

පොලිස් වාර්තා අනුව, මේ පරෙවියන් මුලින්ම නීති විරෝධී ලෙස බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවේ සිට මෙරටට ගෙන එමින් තිබියදී පසුගිය ජූලි මාසයේදී පොලිසිය භාරයට ගෙන ඇත.

පසුව, මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව අගෝස්තු 2 වන දින නඩු භාණ්ඩ ලෙස මෙම පරෙවියන් තොගය දෙහිවල සත්වෝද්‍යානයට ලැබී ඇත.

මෙතෙක් මෙම සොරකමට සම්බන්ධ කිසිදු තොරතුරක් හෝ සොරාගත් පරෙවියන් පිළිබඳව හෝ කිසිවක් හෙළි වී නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

දෙහිවල පොලිසිය මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!