BREAKING NEWS
Search

මේ ආණ්ඩුවට පන්සල, පල්ලිය, කෝවිල ගැන වැඩි විශ්වාසයක් නෑ – මහින්ද රාජපක්ෂ

195

 

හිටපු ජනාධිපති ජන්ම දින ස්මරණයට සමගාමීව ලේ දන්දීමේ සහ ඇස් පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් අභයාරාම විහාරස්ථානයේදී අද පැවැත්වුණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කැමරා මාධ්‍යවේදීන් අතර සංවාදය මෙසේය:

මාධ්‍යවේදියා: “දේශපාලනය ගැන දැන් හිතෙන්නේ මොකද?”

මහින්ද රාජපක්ෂ මහතා: “දැන් ඉතින් පවතින කාර්යභාර වගකීම් වැඩියි.”

 

 

මාධ්‍යවේදියා: “ඔබතුමාගේ අත්දැකීම් එක්ක ඇත්තටම මොකක්ද වෙන්න ඕනේ?”

මහින්ද රාජපක්ෂ මහතා: “වඩාත් හොඳයි ජනතාවත් එක්ක කතා කරමින් ඉදිරියට යන එක.”

මාධ්‍යවේදියා: “ඒක මේ ආණ්ඩුවෙන් අත්හැරලාද ඒ කියන්නේ?”

මහින්ද රාජපක්ෂ මහතා: “ඔව්, මේ ආණ්ඩුවෙන් ඒක අත්හැරලා.”

මාධ්‍යවේදියා: “දැන් ඉතින් බලවේගය හැදීගෙන එනවා නේද?”

මහින්ද රාජපක්ෂ මහතා: “සියලු විපක්ෂය ඒකරාශී වෙලා මේ ආණ්ඩුවට මුහුණ දෙන්න ඕනේ.”

 

 

මාධ්‍යවේදියා: “රාජපක්ෂ කිව්වොත් සාමාන්‍යයෙන් අපි දන්නවා පන්සලත් එක්කම තමයි ඉන්නේ.”

මහින්ද රාජපක්ෂ මහතා: “අදත් ඉන්නවා.”

මාධ්‍යවේදියා: “ඉන්නේ නම්, මේ ආණ්ඩුව පන්සල ගැන වැඩි විශ්වාසයක් නැහැ නේද?”

මහින්ද රාජපක්ෂ මහතා: “ඔව්, මේ ආණ්ඩුව පන්සල, පල්ලිය, කෝවිල ගැන වැඩි විශ්වාසයක් නැතුව තමයි කටයුතු කරන්නේ.”

source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!