BREAKING NEWS
Search

කිලෝ මීටර පහෙන් පහට වැසිකිලි හදන්නේ මන්ත‍්‍රීලාට නිතර වැසිකිලි යන්න ඔ්න වෙන නිසා..

519

 

ආණ්ඩුව කිලෝ මීටර පහෙන් පහට වැසිකිළි තැනීමට සූදානම් වන්නේ ජනතාව සඳහා නොව ආණ්ඩුවේ දේශපාලකයන් සඳහා බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අනාගතයේ දී ආණ්ඩුවේ දේශපාලකයන්ට කිලෝ මීටර හතරින් හතරට වැසිකිළි අවශ්‍ය වන බවයි.

රජය මිල දී ගත් වී මහා පරිමාණ මෝල් හිමියන් වෙත ලබා දී උපයාගත් මිලියන 200කට අධික මුදලක් එක්තරා දේශපාලන පක්ෂ අරමුදලකට ලබා දී ඇතැයි තොරතුරු ඇතැයි ද දිලිත් ජයවීර සඳහන් කරයි.

මැදිරිගිරිය ලංකාපුර සර්වජන සභාව පිහිටුවීමේ අවස්ථාව සමග එකතු වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!