BREAKING NEWS
Search

කොලොම්බියාවට සහ මෙක්සිකෝවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්..

1134

එක්සත් ජනපදයට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගලා ඒම අඩු නොකළහොත් කොලොම්බියාව සහ මෙක්සිකෝවටද හමුදා ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

ට්‍රම්ප් සමග පැවැති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් කොලොම්බියාවේ තත්ත්වය විමසීමේදී අමෙරිකානු ජනාධිපතිවරයා කොලොම්බියානු ජනාධිපතිවරයාව දැඩිව විවේචනය කරමින් පවසා ඇත්තේ කොකේන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර එක්සත් ජනපදයට විකුණන රෝගී මිනිසෙකු කොලොම්බියාව පාලනය කරන බවය.

ඒ අනුව ඔහුට එම කටයුත්ත වැඩි කාලයක් සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

මෙක්සිකෝව සම්බන්ධව අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ මෙක්සිකෝ ජනාධිපතිනී ක්ලෝඩියා ෂයින්බෝම්ට සිය රට පාලනය කරගත නොහැකි බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එහි ආධිපත්‍ය දරන බවත්ය.

මේ අතර වෙනිසියුලාව සම්බන්ධව අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ වෙනිසියුලා පරිපාලනයේ ඉතිරි සාමාජිකයින් එක්සත් ජනපදය විසින් රට ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලට සහය නොදක්වන්නේ නම් එරටට එරෙහිව දෙවන හමුදා ප්‍රහාරයද දියත් කළ හැකි බවය.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!