BREAKING NEWS
Search

රතිඤ්ඤ පත්තු කරද්දී යටකරගෙන ගිය තරුණයෙකුගේ මරණය නිසා තලවාකැලේ නොසන්සුන්

981

තරුණයෙකුගේ මරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා තලවාකැලේ ප්‍රදේශයේ දැවැන්ත විරෝධතාවයක් පැවැත්විණි.

 

පසුගිය 19 වන දින තලවාකැලේ නගරයේ සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 28 හැවිරිදි තරුණයෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වීමෙන් පසු මෙම තත්වය හටගෙන තිබේ.

අනතුර සිදු කළ සැකකරු ඇප මත නිදහස් කර ඇති පසුබිමක, මියගිය තරුණයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව අද දින අවමංගල රථයකින් ඩෙවොන් හි පිහිටි ඔහුගේ නිවස බලා රැගෙන යමින් තිබුණි.

එම අවස්ථාවේදී, තලවාකැලේ නගර මධ්‍යයේ දී අදාළ අවමංගල රථය හරස් කළ සිය ගණනක් ජනතාව වාහන ද නවතා විනාඩි 45 ක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූහ.

 

 

මෙම අනතුර පසුගිය ඔක්තෝබර් 19 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසු තලවාැකලේ නගරයේ දී සිදුවී ඇති අතර, දීපවාලි උත්සවය නිමිත්තෙන් ගිනිකෙළි දල්වමින් සිටි තරුණයින් දෙදෙනෙකු අධික වේගයෙන් පැමිණි බර වාහනයක ගැටී ඇත.

අනතුර සිදු කළ රියදුරු වාහනය ද සමග පළා ගොස් තිබූ අතර, බරපතල තුවාල ලැබූ තරුණයින් දෙදෙනා රෝහල් ගත කෙරිණි. ඔවුන්ගෙන් එක් අයෙකු ඊයේ රාත්‍රියේ මෙලෙස මිය ගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

සිද්ධියෙන් ඇති වූ රථ වාහන තදබදය පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ද හටගෙන තිබේ.

අවසානයේදී, තලවාකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණ, අනතුරට සම්බන්ධ පුද්ගලයා ලබන සඳුදා දිනයට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවට පොරොන්දු වී ඇත.

එම පොරොන්දුවෙන් අනතුරුව, විරෝධතාකරුවන් සිය විරෝධතාවය අත්හැර දමා දේහය රැගෙන යාමට ඉඩ ලබා දුන් බව අප වාර්තාකරු සඳහන් කළේය.

gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!