ශ්‍රී ලංකා එක්දින කන්ඩායමේ ප්‍රශ්න වෙලා තියෙන පුරප්පාඩු දෙකක් තමයි ආරම්භක පිතිකරන භූමිකාව සහ අංක හතර පිතිකරුගේ පුරප්පාඩුව…
පහුගිය කාලේ අපි විවිධ අවස්ථා දුන්නත් තාමත් පැතුම්ට හොද සහයකයෙක් ඉනිම ආරම්භ කරන්න සොයාගන්න බැරි වුනා.
ඔන්න දැන් ඒ සදහා ගේන අලුත්ම බුලට් එක තමයි ලහිරු උදාර…
සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව ආරම්භ වීමට නියමිත පකිස්තාන එක්දින තරගාවලියේ පැතුම්ගේ සහය ආරම්භක පිතිකරුවා ලෙස ලහිරු උදාර කටයුතු කරන්න වැඩි ඉඩක් තියෙයි කියලා කියනවා. අවුරුදු ගානක් කට්ට කාපු එකෙක්… A ටීම් එකේ සෑහෙන කාලයක් ක්‍රීඩා කරපු එකෙක්… අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්… මේ ලැබෙන චාන්ස් එකෙන් උපරිම වැඩක් ගන්න හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
උදාර අසාර්ථක වුනොත් ඒ සදහා backup එකකුත් සංචිතයේ ඉන්නවා. ඒ තමයි කමිල් මිෂාර…
විස්සයි විස්ස තරග වලත් ලැබුණු චාන්ස් එකෙන් වැඩක් ගත්තා. එක්දින කියන්නේ කමිල්ගේ හොඳම ෆෝමැට් එක… අනික වමත් පිතිකරුවෙක් නිසා අපේ ටොප් ඕඩර් එකම දකුණත් පිතිකරුවන් නිසා කමිල් මිෂාර වගේ වමත් පිතිකරුවෙක් ඉනිම ආරම්භ කරන්න එනවා කියන්නේ Left hand Right Hand Combination එක හදාගෙන ප්‍රතිවාදියාට තර්ජනයක් දෙන්නත් ඒක හොද අවස්ථාවක්…
ඉතිං මේ වගේ කෙනෙක් සංචිතයේ ඉන්න එකම හොද දෙයක්…
මීට අමතරව ද අයිලන්ඩ් පුවත්පත පවන් රත්නායක ආරම්භ වෙන පකිස්තාන එක්දින තරගාවලියේ ක්‍රීඩා කරන්න වැඩි ඉඩක් පවතින බවට තොරතුරු වාර්තා කරනවා.
දැනට කන්ඩායමේ තියෙන පුරප්පාඩු එක්ක පවන්ට ඉඩක් තියෙන්නේ සහ ගැලපෙනම තැන අංක හතර… සදීර සිම්බාබ්වේ තරගාවලියේ ක්‍රීඩා කරපු ඉනිම් දෙකේම 30 කෑලි ගහලා අවුට් වුනා. කෝච් සනා නිතරම කියන දෙයක් තමයි පිතිකරුවෙක් ලකුණු 20ක් 30ක් ගහලා හොද ස්ටාර්ට් එකක් අරන් විකට් එක විසි කරලා දාන එක කන්ඩායමට කරන ලොකුම පාඩුවක් කියලා.. මොකද ඒ පිතිකරුවා විකට් එකට සෙට් වෙන්න වැය කරන පන්දු සංඛ්‍යාවටත් සාධාරණයක් නොකර අවුට් වෙනවා කියන්නේ ඊලගට එන පිතිකරුවට ආයෙමත් මුල ඉදන් පන්දු ගණනක් වැය කරලා කඩුල්ලට සෙට් වෙන්න වෙනවා.
මේ කතාවත් එක්ක සමහරවිට ඇත්තටම සදීර වෙනුවට මේ තරගාවලියේ පවන් රත්නායක සනත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා කන්ඩායමේ පලමු තේරීම වුනත් වරදක් නැ…
පවන් කියන්නේ සෑහෙන කාලයක් තිස්සේ එක්දින සහ ටෙස්ට් තරග ආකෘති වල ලැබෙන හැම චාන්ස් එකකින් සාර්ථක වෙලා ලකුණු අතර ඉන්න දක්ෂ යොවුන් පිතිකරුවෙක්…
ඉතිං මේ තරගාවලිය පැවැත්වෙන්නේ පිතිකරන පාරදීසයක් වෙච්චි රාවල්පින්ඩි වල නිසා පවන් වගේ නවකයෙක්ට එක්දින ගමන ආරම්භ කරන්න හොඳම තෝතැන්නක් තමයි මේ…
කොහොම වුනත් මේ සේරම ආරංචි විතරයි…
බලමු… අන්තිම මොහොතේ අපේ අය මොනවා කරයිද කියලා…

✍️ සටහන: Rishie Bro
🏏 ක්‍රීඩා මාධ්‍යවේදී
🌐 www.ApeRata.net







