BREAKING NEWS
Search

ඩොලරය ඉහල ගිය නිසා වාහන මිල කොහොමත් වැඩිවෙනවා..ඒත් පස්සෙ අඩු කරනවා..! – ජනපති

254

ඩොලරය අගය ඉහළ ගොස් නිසා වාහන මිලද ඉහළ යන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

නැවත වාහන ආනයනය ආරම්භයේදී මිල ඉහළ ගියද පසුව මිල අඩු කිරීමේ අපේක්ෂාවක්ද ඇතැයි ඒ මහතා කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේග සුහද හමුවක් අමතමිනි.

ඔහු එහිදී මෙසේද පැවසුවේය.

“අවුරුදු ගණනක සිටි මෙරටට වාහන ආනයනය කරන්නේ නැහැ. පුද්ගලික පරිහරණයට වාහන ආනයනය කිරීමට අද සිට අවසර දුන්නා. හැබැයි මෙය අසීරු, ප්‍රවේසම්සහගතව කළ යුතු කාර්යයක් මොකද වාහන ආනයනය කිරීමට අපේක්ෂා කරන්න සියලුමදෙනාම පෙබරවාරි මාසයේම ආනයනය කළොත් ඩොලර් ඉල්ලුම වැඩිවෙනවා. ඒ නිසා අපි ප්‍රවේසම්සහගතව වාහන නිදහස් කරන්නේ. ‍

ඩොලරයේ අගය ඉහළ ගිය නිසා වාහන මිල වැඩියි. අමතරව බදු කිහිපයක් පනවා තිබෙනවා ඇයි ඒ එකවර ඉල්ලුම වැඩිවුණොත් අර්බුදයක් නිර්මාණය වෙනවා. ආරම්භයේදී මිල ඉහළ යයි කලක් ගිය පසු මිල අඩුකිරීමේ අපෙක්ෂාවකුත් තියෙනවා”

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!