BREAKING NEWS
Search

රේන්ජ් රෝවර් පදින හේතුව ඇමති වසන්ත කියයි – V8, BMW වල තෙල් කරන්නෙ හතරයි..!

462

රේන්ජ් රෝවර් වර්ගයේ වාහනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවන්ට වෙලද, වාණිජ, සමූපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රතිචාර දක්වයි.

ඔහු පෙන්වා දෙන්නේ තමන් භාවිතා කරමින් සිටි ඩබල් කැබ් රථය නඩත්තු කටයුතු සඳහා යැවූ අවස්ථාවල වෙන භාවිතා කිරීමට වාහනයක් නොමැති වූ විට එම වාහනය භාවිතා කිරීමට සිදුව ඇති බවයි.

සති අන්ත පුවත්පතක් සමග ඒ මහතා මෙන්ම අදහස් පළ කර තිබේ.

“ආව ගමන් රේන්ජ් රෝවර් පදිනවා නෙමෙයි. අපේ අමාත්‍යාංශයේ වාහන සංචිතයක් තියෙනවා. ඒ නිල වාහන සංචිතය ඇතුළේ තියෙන වාහන ගත්තොත් වී 8 දෙකයි, බී.එම්.ඩබ්ලිව්. එකයි. ඔය කියන රේන්ජ් රෝවර් එකයි. වාහන හතරයි. ඊට අමතරව මේ අමාත්‍යාංශයේ තියෙන ගත්තොත් පදින්න පුළුවන් වාහනයක් අපි හොයාගන්න එපැයි. මේ අතරින් පදින්නේ ඩබල් කැබ් එක. ඒ ඩබල් කැබ් එක රෙපෙයාර් කරන්න දැම්මම පදින්න වාහනයක් නෑ.

වී 8 එකේ පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් හතරයි දුවන්න පුළුවන්. බී.එම්. ඩබ්ලිව්. එකේ කිලෝමීටර් හතර හමාරයි පහයි. ඉතින් අමාත්‍යාංශ ලේකම්වරයා මට කියන්නෙ සර් වෙන වාහනයක් දෙන්න නෑ. මේ තියෙන වාහනේ පාවිච්චි කරන්න කියලා.

අපි සරල වාහනයක් ඉල්ලන් පැද පැද ඉන්නේ. කැබිවල තමයි අපි යන්නේ. ඒ කැබ් එකක් රෙපෙයාර් කරන්න ගත්තහම තමයි වෙන වාහනයක් පාවිච්චි කරන්න වෙන්නෙ. වෙන තව ඩිස්කවර් තුනක් එක තැන නවත්තලා තියෙනවා. තව කාර් එකක් තියෙනවා කුඩුපට්ටම් වෙලා. හිටපු අමාත්‍යවරුන්ගේ වැඩ තමයි. ඒ නිසා අපට යන්න පුළුවන් වාහනයක් හොයලා පදිනවා”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *