අයර්ලන්තයට එරෙහිව අපේ තුරුම්පුව වනිඳුද ?
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස් (wk)
කුසල් පෙරේරා
පවන් රත්නායක
වනිඳු හසරංග
කමිඳු මෙන්ඩිස්
දසුන් ශානක (c)
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
මතීෂ පතිරණ
මෙච්චර දවසක් අපි extra batter කෙනෙක් ටීම් එකේ තියාගෙන සෙල්ලම් කරේ. බොහෝ වෙලාවට extra batter වුනේ ජනිත් ලියනගේ.
හැබැයි ඒක වැඩ කරාද ? කඩුලු වැටෙන වෙලාවට ජනිත් ඇවිත් ඒක නතර කරලා තරගයකට බලපෑමක් කරන්න පුළුවන් ඉනිම් දියත් කරලා තියෙයිද ?
මං නම් එහෙම ලොකු impact එකක් දැක්කේ නැ. මේ කියන්නේ ජනිත් හොඳ නෑ කියලා නෙමෙයි. ජනිත් කියන්නේ හොඳ ODI Player. හැබැයි අපිට ජනිත්ගෙන් T20 තරගයකට බලපෑමක් එල්ල කරන්න පුළුවන් ඉනිම් ගොඩ නැගිලා නැ…
T20 ක්‍රිකට් එකට ඕනි මැච් විනර්ස්ලා…
දැන්වත් අපි අපේ combination එක හරියට balance කරගන්න ඕනේ…
ඒ නිසා මං හිතනවා ඔය උඩ ටීම් එක ට්‍රයි කරොත් හොදයි කියලා… කුසල් මෙන්ඩිස් නොම්බර තුනත් අවුලක් නැ.. මිෂාර ඕපන් එකේ තව චාන්ස් ලැබුනට අවුලකුත් නැ..
හැබැයි මෙන්ඩිස් ඕපන් කරද්දී මීට වඩා ලොකු ඉනිම් අපිට එයාගෙන් ආවා. 6-5 combination එක යනවා නම් මං හිතනවා මිෂාර එලියෙන් තියලා මෙන්ඩා ඕපන් කරොත් හොදයි කියලා…
හැබැයි අපි 7-4 combination යනවා නම් කමිල් මිෂාර
අරන් බැලුවට කාරි නැ…
අයර්ලන්තය එක්ක මගේ ඕපන් එක මෙන්ඩා පැතුම්… KJP ස්කොඩ් එකේ ඉන්නවා නම් බංකුවේ ඉදලා තේරුමක් නැ.. එයාව ගස්සන්න ඕනි. අඩුම එයාට ෆෝම් එකට එන්න නම් මේ මූලික වටයේ තරග ටික හරි දීලා බලන්න ඕනේ…
KJP අරන් යන්නේ බංකුවේ තියන්න නම් අපරාදේ… චාන්ස් දීලා ඒවා වැඩ කරේ නැති වුනොත් ඒ වෙනුවට අපි තව ඔප්ෂන් එකක් බලමු..
පවන් කොහොමත් දිගටම නොම්බර හතරට හදන්න ඕනි.
නොම්බර පහට අපිට පුළුවන් spin එකට ඇටෑක් කරන්න වනිඳු හසරංග වගේ කෙනෙක් පාවිච්චි කරන්න. මතක නම් මීට පෙර ලෝක කුසලානයකත් වනිඳු අයර්ලන්තයටම එරෙහිව නොම්බර 5 ඇවිත් ලකුණු 71ක් ගැහුවා.
වනිඳු අංක පහ පිතිකරුවෙක් විදිහට 31.5 ක පිතිකරන සාමාන්‍යයක් සහ 155.55ක ඉහල ප්‍රහාරාත්මක වේගයක් තියාගෙන ඉන්නවා. 6-5 combination එක යනවා නම් මේක අපි use කරන්නම ඕනි.

අංක හයට කමිඳුගේ ඇවරේජ් 54ක් ස්ට්‍රයික් රේට් 168.75ක්.. ඒ වගේම නිමා වුනු සිම්බාබ්වේ සංචාරයේ කමිඳු අංක හය පිතිකරුවෙක් විදිහට බැට් කරලා අපිට තරග දිනවලා දීලා තියෙයි. පන්දු යැවීමෙනුත් අපි කමිඳුව වැඩිපුර use කරන්න අමතක කරන්න හොඳ නැ..
එතකොට දසුන්ට පුළුවන් අන්තිම ඕවර්ස් ටිකේ වේගයෙන් ලකුණු ටිකක් රැස්කරලා දෙන්න. සපෝර්ට් එකට ඕනි නම් වෙල්ලාලගේ එහෙමත් ඉන්නවා.
පතිරණ චමීර තමයි අපිට මේ ලෝක කුසලානයේ ඉන්න ප්‍රධාන වේග පන්දු තුරුම්පු දෙක… තණතීරුව එක්ක අපිට පුළුවන් තීක්ෂණ එක්ක යනවද නැත්නම් ප්‍රමෝද් එක්ක යනවද කියලා තීරණය කරන්න.
මේ කන්ඩායමේ අපි වනිඳුව batting lineup එකේ උඩට ගන්න නිසා අර 7-4 combination එකේ වගේම අපිට යටට යනකල් අපේ batting වැඩි කරගන්න ලැබෙනවා.
අනිත් එක අපේ නායකතුමාගේ spin භීතිකාවටත් යම් සහනයක් මෙතන තියෙනවා. Bowling option බැලුවොත් spin 3යි pace 2යි එක්ක genuine bowling option 5ක් තියෙනවා. ඊට අමතරව දසුන් කමිඳුගේ overs තියෙනවා. පන්දුවාර 28ක් විතර ගන්න පන්දු යවන්නෝ ඉන්නවා.
වැදගත්ම දේ අපි මොන playing xi හැදුවත් වැඩක් නැ… ක්‍රීඩකයින් තමන්ට අදාල ජොබ් රෝල් එක ග්‍රවුන්ඩ් එක මැද්දේ කරන්නේ නැත්නම්…
ඔයාලා මොකද හිතන්නේ ?
✍ | Rishie Bro







