මේ කියන්න යන තාරකාව නම් ඔබට බොහොම සුපුරුදු චරිතයක් වෙලා.
ටනාෂා හතරසිංහ, නිරූපණ ක්ෂේත්‍රයෙන් කලා ගමන අරඹන ඇය අද වෙනකොට බොහෝ දෙනා දන්නේ රටක් ආදරය කරන රංගන ශිල්පිනියක් විදිහටයි.
හිරු කුමරු ආදරය ගෙනැල්ලා, මේ දවස්වල හිරු ටීවී හරහා විකාශය වෙන මේ නාට්‍ය හරහාත් ටනාෂාට හැමෝගේම ආදරය හිමිවෙනවා.
රංගන ශිල්පිනියක් ලෙස ඇය යන මේ දුර ගමනට ටනාෂාගේ සැමියාගෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද..? මොකද ඔහු මේ ක්ෂේත්‍රයට සම්බන්ධ අයෙක් නෙවෙයි. ඒ කතා කොහොම වුණත් වසර ගණනක ඒ දෙන්නාගේ ආදර කතාව ඇතුළේ ඇයට අනුරාධගෙන් ලැබෙන ඒ සහයෝගය ගැන ටනාෂා මෙන්න මේ වගේ කතාවක් කියලා තිබුණා.
“ඔහු අනුරාධ වීරරත්න. අවුරුදු හතරහමාරක් විතර ආදරේ කරලා අපි විවාහ වුණා. විවාහයෙන් පස්සේ අපි ඉන්නේ අනුරාධගේ ගෙදර. ඔවුන්ට මගේ ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා කිසිම ගැටලුවක් නැතුව අපි සතුටින් ඉන්නවා.”

Hiru Gossip







