BREAKING NEWS
Search

අනුර, රනිල් හා මහින්දගේ දේශපාලන සෙල්ලම නවත්වන දේශපාලන ප්‍රවේශය අපි නිර්මාණය කරනවා – චමින්ද විජේසිරි

635

 

අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ යන පිරිස මිතුරන් බව මේ වනවිට හෙළි වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.

ඒ අනුව, මෙම දේශපාලන සෙල්ලම නැවැත්විය හැකි දේශපාලන ප්‍රවේශය සමගි ජන බලවේගය විසින් නිර්මාණය කරමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සමගි ජන බලවේගයේ ප්‍රතිසංවිධානය තුළ ශක්තිමත් වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන එන බවත්, රාජපක්ෂවරුන්, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක පරාජය කිරීමේ දේශපාලන සටන ආරම්භ කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

ජාතික ජන බලවේගය ‘කයිය නායකලා සහ වැඩ බැරි ටාසන්ලා’ බව ඔප්පු වී ඇති බවද, රට ගොඩනැඟිය හැකි කණ්ඩායමක් නිර්මාණය කිරීම විපක්ෂයේ වගකීමක් බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

රට ඉල්ලන නායකත්වය කඩිනමින් ඉදිරියට ගෙනැවිත්, පක්ෂයේ ජයග්‍රහණය පමණක් නොව රටේ ජයග්‍රහණය ද තහවුරු කළ හැකි එකමුතුවක් පවතින බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Source – esana

 

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *