BREAKING NEWS
Search

“අපි හරි ආදරෙයි මහින්ද මහත්තයට” ගල්ගමුවේ සිට යතුරුපැදියෙන් මහින්ද බලන්න තංගල්ලට ආ යුවල කියන කතාව

632

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බැලීම සඳහා කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේ සිට තංගල්ල දක්වා යතුරුපැදියකින් ගිය යුවලක් පිළිබඳව වාර්තා වෙනවා.

ඔවුන් පැය හයක පමණ කාලයක් තිස්සේ යතුරුපැදිය ධාවනය කරමින් එම ගමන නිමාකළ බවයි පවසන්නේ.

අනතුරුව තංගල්ල කාල්ටන් නිවසේදී හිටපු ජනපතිවරයා හමුවූ යුවල සුහද කතා බහක නිරත වුණා.

හිටපු ජනපතිවරයා කොළඹ සිට තංගල්ල කාල්ටන් නිවසට ගිය ආරංචිය ලද පසුව මහින්ද රාජපක්ෂ වෙත පවතින ආදරය නිසාම මේ ගමන ඒමට තීරණය කළ බවයි එම යුවල කියා සිටියේ.

මේ අතර චාරිකාවක නිරත වෙමින් සිටි දරු දරියන් පිරිසක් සමග ඔවුන්ගේ මව්පියන් හිටපු ජනාධිපති මහින්ද රාජ්පක්ෂ බැහැ දැකීමට පැමිණියා.

එම පිරිස් කියා සිටියේ ට්‍රිප් එක ගියාට වඩා සතුටක් මහින්ද මහත්තයා දැකීමෙන් ලැබුණු බවයි.

source – hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!