BREAKING NEWS
Search

“මම නිලියක් කියන එක කවදාවත් අමතක කළේ නෑ.. කවදා හරි දවසක රඟපානවා කියලා මම හිතාගෙන හිටියා..”

1227

 

 

ඒ රූපය අදත් එදා වගේමයි.

තවමත් ඒ දඟකාරබව, ලස්සන රැකගෙන ඉන්න ඩිලානි, ඔන්න ආයෙත් ලංකාවේ සිනමාවට ආදරය කරන ඔබ වෙනුවෙන් රිදී තිරයට ඇවිත්.

මේ කියන්නේ කවුරු ගැනද? මතකද ඒ අතීතය.. ඩිලානි අබේවර්ධන, ඊයේ දවස ඇයට ගොඩක් විශේෂ වූවක්. වසර 23කට පස්සේ ලංකාවට ආව ඩිලානි ඔන්න ඇගේ උපන්දිනය මෙරටදීම ඇගේ ක්ෂේත්‍රයේ තරු ගොන්නක් එක්ක සමරන්න තීරණය කරලා.

ඒ විතරක් නෙවෙයි, ඇගේ මෙදා උපන්දිනය වෙනුවෙන් ඉතාමත් අපූරු, වෙනස් ෆොටෝ ෂූට් එකක් කරන්නත් ඇය අමතක කරලා තිබුණේ නැහැ.

කලකට පස්සේ ලංකාවට ආවත්, ඩිලානි නම් කියන්නේ ඇයට එදා වගේම අදත් රසිකයින්ගේ ආදර නොඅඩුව ලැබෙනවා කියලයි.

විවාහයෙන් පස්සේ තාවකාලිකව ඇය රංගනයෙන් සමුගන්න තීරණය කළේ, බිරිඳක් මවක් ලෙස ඇය ගොඩක් කාර්‍යබහුල වුණ නිසාලු. ඒ නිසා තමයි ලු, මේ ත‍රම් කාලයක් ඇයට රංගනයෙන් ඈත් වෙන්න සිද්ධ වුණේ.

ඒත් දැන් ආයෙත් ඩිලානිය අවස්තාවක් ලැබිලා. ඒ ලංකාවේ රසිකයින් වෙනුවෙන් නැවත වතාවක් සිනමාවට එක්වෙන්න. ඇගේ මිතුරියක් වන හංසලීගේ ආරාධනාවක් මත කෙටි කාලයකට රංගනයට එක්වෙන්න ආව ඩිලානි මේ වෙද්දී චිත්‍රපට 4කට ඇගේ දායකත්වය ලබලා දීලා.

ඒ විතරක් නෙවෙයි, ඉදිරියේදී පුංචි තිරයෙන් පවා ඇය අපට සමීප වේවි. කාගේත් ආදරය දිනාගත්ත මේ තාරකාව ඇ‍යට විශේෂ වුණු උපන්දින සාදයේදී මෙන්න මේ වගේ රසිකයින් වෙනුවෙන් කතා කළා. ඉතින් ඩිලානිගේ අලුත්ම තොරතුරු දැනගන්න ඔබත් කැමැත්තෙන් ඇති නේද?

hiru gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *